තෝර තෝරා නොසිට කුමන හෝ කොවිඩ් එන්නතක් ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

197

තෝරාගැනීමකින් තොරව තමන්ට ලැබෙන කොවිඞ් මර්දන එන්නතක්  ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඊයේ (22 දා)  ඉල්ලා සිටියේය.

මෙරට සිදුවූ කොවිඞ් මරණ වලින් සියයට 80ක් පමණම කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම ලබානොගත් පුද්ගලයන් බවට අනාවරණය වී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ පැවසුවේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී හෙතෙම මෙසේද කීය.

කොවිඞ් එන්නත් වර්ග 5ක් යොදාගෙන ලංකාවේ එන්නත්කරණය කරනවා. අපි දැකපු දෙයක් තමයි සමහරු එන්නත් තේරීම. මේක එච්චර හොඳ නෑ. එන්නත් තෝරන්න එපා. මේ ඔක්කොම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙන්ම ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ද අනුමතකර තිබෙනවා.

මේ වෙලාවේ තියෙන එන්නත අරගෙන කොරෝනා රෝගයට විරුද්ධව ප‍්‍රතිශක්තිකරණය ගොඩනගාගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මියයන අයගෙන් සියයට 70ක් 80ක්ම අවුරුදු 60ට වැඩි අය. ඒ අයගෙන් වැඩි පිරිසක් කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම අරගෙන නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment