ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු 15 ක් මානව හිමිකම් කඩකළ ලැයිස්තුවට

173

ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නිලධාරීන් 15ක් ද මානව හිමිකම් උල්ලංඝනය කළවුන් ලෙස ජිනීවා මානව හිමිකම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කොටි කි‍්‍රයාකාරීන් පිරිසක් ලබාදුන් සාක්‍ෂි මත මෙම නිලධාරීන් නම්කර තිබේ. එහෙත් මෙම ත‍්‍රස්ත මර්දන නිලධාරීන් නම්කර ඇත්තේ පරීක්‍ෂණවලින් තොරවය. මෙකී නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කළ සාක්‍ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කවුන්සිලය අනාවරණය කර නැත.

මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් ලෙස නම් කළ ත‍්‍රස්ත මර්දන නිලධාරීන් අතර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment