ත‍්‍රිකුණාමලය මහ රෝහල සද්ධාපුරට ගෙන යයි

688


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ පවතින අධික තදබදය හේතුවෙන් එම රෝහල වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට අවධානය යොමුව තිබේ. එම රෝහල් භූමියේ ඉඩ පහසුකම් නොමැති වීම මෙන්ම මුහුදු සීමාවේ පැවතීම වැනි ගැටලු කිහිපයක්ද මෙයට අමතරව පැනනැගී ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයේ ප්‍රධානතම රෝහල වන මෙහි වසර 100 ක් ඉක්මවූ ගොඩනැගිලි කිහිපයක්ද තිබෙන අතර පවතින තත්ත්වය මත එහි තවදුරටත් ඉදිකිරීම් සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව මෙහිදී අනාවරණය විය.

මේ අතර ජයිකා ව්‍යාපෘතිය යටතේ රුග බිලියන 2.2 ක්ද එම රෝහලේ ව්‍යාපෘතියට හිමිව තිබේ. ඒ අනුව නව රෝහල ත්‍රිකුණාමලය නගරයෙන් පිට එහෙත් නගරයට ආසන්න ස්ථානයක ඉදි කිරීමට සාකච්ඡා කෙරුණු අතර මේ අනුව ත්‍රිකුණාමලය සද්ධාපුර ප්‍රදේශයට එය ගෙන යාම පිළීබඳව වැඩි අවධානයක් යොමු විය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙම රෝහලට අමතරව මූලික රෝහල් 04 ක්ද ප්‍රාදේශීය රෝහල් 14 ක් හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 17 ක්ද තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment