ත‍්‍රි’මලේ ගියාට පස්සේ කොරෝනා හැදුණා – කොළඹ මළගෙදරකත් ගියා

611

– ගාමිණී ලොකුගේ

හදිසියේ ත‍්‍රිකුණාමලේට යෑමට සිදුවීමෙන් පසු තමාට ‘කොරෝනා’ රෝගය වැළඳුන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ‘දිවයින’ට ඊයේ කියා සිටියේය.

එහි යෑමෙන් පසු කොළඹ පැවැති අවමංගල්‍ය උත්සවයකට පවා සහභාගිවීමට සිදුවූ බව කී ගාමිණී ලොකුගේ මහතා කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පසු ඒ පිළිබඳව සිදුකළ පරීක්‍ෂණවලදී කොරෝනා වැළඳී තිබෙන බව තහවුරුවූයේ යැයි ද කීවේය.

කොරෝනා වළක්වා ගැනීම සඳහා අවශ්‍යකරන එන්නත් දෙකම ලබාගෙන තිබූ නිසා තුන්වැනි එන්නත ගැනීමට ක‍්‍රියාශීලී නොවූ බව ද ලොකුගේ මහතා කීවේය.

එන්නත් දෙකම ලබාගෙන සිටින නිසා දරුණු රෝග ලක්ෂණ පෙනෙන්නේ නැතැයි ද හෙතෙම පැවසීය. නිසි ආකාරයට සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් තමා පෞද්ගලික රෝහලක පසුවන බව ද ගාමිණී ලොකුගේ මහතා කීවේය.

තමා සමඟ පසුගිය දින කීපයේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් සියලූ දෙනාට ම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment