ත‍්‍රිමලේ තෙල් ටැංකි ගිවිසුමට අත්සන්

240

ති‍්‍රකුණාමල තෙල් ටැංකි 99 සම්බන්ධයෙන් ඉකුත් කැබිනට් මණ්ඩලයේ ගත් තීරණයට අනුව ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම පිහිටුවීමට අදාළ ගිවිසුමට ඊයේ රාත‍්‍රී (06 දා) අත්සන් තබා ඇත.

අරලියගහ මන්දිරයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ඒ අනුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ඉන්දීය තෙල් සමාගම විසින් භාවිතයට ගෙන ඇති තෙල් ටැංකි 14 ක් වසර පනහක කාලයකට ඉන්දීය තෙල් සමාගමට හිමිවන අතර එහි ඇති තෙල් ටැංකි 24 ක් තෙල් සංස්ථාවට (සිපෙට්කො) හිමිවනු ඇත. ඉතිරි වන තෙල් ටැංකි 61 එකතු කර ටි‍්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යටතේ පාලනය කිරීමට නියමිතය. එම සමාගමෙන් සියයට 51 ක් තෙල් සංස්ථාවටත් ඉතිරි සියයට 49 ඉන්දියන් තෙල් සමාගමටත් හිමි වේ.

මෙම සමාගමට සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයට හත්දෙනකු පත් කෙරේ. සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සිවුදෙනකුම තෙල් සංස්ථාව විසින් පත් කෙරේ.

ශිරාන් රණසිංහ, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment