ත‍්‍රි’මලේ තෙල් ටැංකි මැතිසබය අවුළවයි

279

* ඉන්දියාවට අපි පැවරුවේ නැහැ – විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක කිරිඇල්ල

* අපි අත්සන් කළේ අවබෝධතා ගිවිසුමක් – හිටපු ඇමැති කබීර් හෂිම්

* පුළුවන්නම් ඒ ගිවිසුම පෙන්වන්න – ඇමැති ගම්මන්පිල

2003 ආණ්ඩු සමයේදී ති‍්‍රකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සියය ඉන්දියාවට ලබාදීමට අදාළ ගිවිසුමක් තිබෙන බව ආණ්ඩු පක්ෂය සඳහන් කිරීම සහ විපක්ෂය එවැනි ගිවිසුමක් නොව අවබෝධතා ගිවිසුමක් පමණක් යැයි සඳහන් කිරීම හේතුවෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ විපක්ෂ මන්තී‍්‍රවරුන් අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) උණුසුම් තත්ත්වයක් ඇතිවිණි. 04- පිටුවට

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා නඟන ලද ප‍්‍රශ්නයක අතුරු ප‍්‍රශ්න විමසීමේදී මෙම තත්ත්වය ඇති විය.

එහිදී මතු වූ කතාබහ මෙසේය.

විපක්ෂ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඇමැතිතුමා ප‍්‍රකාශයක් කරලා තිබුණා. ති‍්‍රකුණාමල තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට ලබාදීලා කියලා. එය අසත්‍යයි. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සියයක් තිබෙනවා. එයින් 15 ක් දුන්නා අයි. ඕ.සී. සමාගමට. ඉතිරි 85 ක් ඉන්දියාවයි ශී‍්‍ර ලංකාවයි සාමූහිකව දියුණු කරන්න ඕනෑ. එතකොට ඒක වුණේ නෑ. තෙල් ටැංකි පැවරුවේ නෑ. මේක නිවැරදි කරන්න.

ඇමැති උදය ගම්මන්පිල මහතා –

2003 පෙබරවාරි මාසේ 07 වැනිදා අත්සන් කරපු ගිවිසුමට අනුව එළිවෙනවා මම කියන්නේ ඇත්තද, විපක්ෂය කියන්නේ ඇත්තද කියලා.

කබීර් හෂීම් මහතා –

ඇමැතිතුමා බොරුවක් කරන්නේ. සභාව නොමග යවන්න එපා. ඒ ගිවිසුමක් නොවෙයි අවබෝධතා ගිවිසුමක්. ඉන් මාස හයකින් පසුව තමයි ගිවිසුමකට යනවා කිව්වේ. නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා නීති විරෝධීව තමයි අයි. ඕ. සී. එක තියාගෙන ඉන්නේ. ඔබතුමාලා අවුරුදු 10 ක්ම ගත්තේ නෑ. දැන් ගන්නෙත් නෑ. අයි. ඕ. සී. තෙල් ෂෙඞ් ටික පවර ගන්නවාද? මේ ටැංකි ටික ගන්නවාද?

උදය ගම්මන්පිල මහතා –

මම තොරතුරු තිබෙන ගිවිසුම සභාගත කරනවා. ගිවිසුමක් කියලයි තියෙන්නේ, අවබෝධතා ගිවිසුමක් නොවෙයි. මේවා දුන්නේ නෑ කියන ගිවිසුම පුළුවන් නම් ඉදිරිපත් කරන්න.

කිරිඇල්ල මහතා – අපි ඉතුරු තෙල් ටැංකි 85 ඉන්දියාවට දුන්නේ නෑ. ඒකාබද්ධ සංවර්ධනයක් කියලයි තිබෙන්නේ.

උදය ගම්මන්පිල මහතා – මම මෙතුමාට අභියෝගයක් කරනවා.

කබීර් හෂීම් මහතා – ගිවිසුමක් තිබෙනවා නම් සභාගත කරන්න. ජනතාවට තොරතුරු හෙළිකර ගත හැකියි. එතකොට අපි පිළිගන්නම්. එතකොට අපි අහන්නේ මේක පවරා ගන්නවාද කියලා කියන්න.

උදය ගම්මන්පිල මහතා – මම අද දින ඇතුළත ඒ ගිවිසුම සභාගත කරනවා. ඒ වගේම ඔබලා කියන අවබෝධතා ගිවිසුම අද දවස ඇතුළත සභාගත කරන්න කියලා.

මනුෂ නානායක්කාර මහතා – හිටපු ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, ඊයේ රූපවාහිනී වැඩසටහනකට ගිහින් ඇත්ත කිව්වා. මෙතුමා කියන්නේ බොරු.

දයාසිරි ජයසේකර මහතා – ඇමැතිතුමා ඔය ගිවිසුමේ තිබෙනවාද මාස 06 කට පසුව නැවත ගිවිසුමක් අත්සන් කරනවා කියලා.

උදය ගම්මන්පිල මහතා – මේකට අදාළ කල්බදු ගිවිසුම අත්සන් කරලා අවසන්. කල්බදු ගිවිසුම දන්නැත්තම් කතා කරලා වැඩක් නෑ. එතුමන්ලා කියන අවබෝධතා ගිවිසුම සභාගත කරන්නේ නම් ජාතියෙන් සමාව ගන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment