ත‍්‍රිරෝද ගාස්තුත් නගී පළමු කිලෝ මීටරයට රු.80 ක්

123

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ත‍්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 30 කින් ඉහළ දමන බව ජාතික ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ යන බව ද ඔහු කීය. කෙසේ වෙතත් දෙවැනි කිලෝමීටරයේ සිට අය කළ රුපියල් 45 ක ගාස්තුව ඉහළ නොදමන බව ඒ මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment