ත‍්‍රිරෝද රථ සොරකම් කළ සංවිධානාත්මක කල්ලිය දැලේ යතුරුපැදි 10 ක් පොලිස් භාරයට

237

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රි රෝද රථ සහ පොලිස් භාරයට ගෙන ඇති යතුරුපැදි….

ජාඇල ප‍්‍රදේශයේ කලක සිට සංවිධානාත්මකව ත‍්‍රිරෝද රථ සොරකම් කොට විකිණීමේ ජාවාරමක නියැලූන කල්ලියක් ත‍්‍රිරෝද රථ 20 ක් සමග ඊයේ දින (14 දා* අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල, රාගම, බෝපිටිය සහ කල්පිටියේ පදිංචි සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත‍්‍රිරෝද රථ සොරකම් කළ සංවිධානාත්මක කල්ලිය දැලේ යතුරුපැදි 10 ක් පොලිස් භාරයට

ප‍්‍රධාන සැකකරුට අයත් රාගම රථගාල් අංගනයක තිබියදී ති‍්‍රරෝද 11ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ත‍්‍රිරෝද 5ක් රාගම, පමුණුගම සහ කල්පිටිය යන ප‍්‍රදේශවල විවිධ පුද්ගලයන්ට අළෙවි කොට තිබියදී ද තවත් ත‍්‍රිරෝද රථ 4ක් කල්පිටිය හා රාගම ගරාජ් දෙකක විකිණීමට සුදානම් කරමින් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මේ සමග සැකකරුවන් සොරකම් සඳහා උපයෝගිකර ගත් යතුරුපැදි 10 ක්ද පොලිසිය වැඩිදුර විමර්ශනය සඳහා තම භාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් සොරකම් කරන ලදැයි කියන සියලූ ත‍්‍රිවීල් රථ විකිණිමේදී චැසි අංක, එංජින් අංක වෙනස් කර තිබේ. ව්‍යාජ පොත් යොදාගෙන බලපත‍්‍රද සකසා ඇති බව අනාවරණය වු බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණී.

ජාඇළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්න මහතාගේ මෙයෙවීම මත අපාරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සම්පත් දසනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (67611* නිශාන්ත, (38041* ප‍්‍රනාන්දු, (84045* ප‍්‍රදීප් සහ පොලිස් රියැදුරු (89850* තේනුක යන නිලධාරින් විසින් සැකකරුවන් හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

බී.ටී.කේ. – ජාඇල

advertistmentadvertistment
advertistmentadvertistment