ත‍්‍රිවිධ හමුදා රෝහල්වලදී අද සිට ජනතාවට කොවිඩ් එන්නත්

99

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයින පුරා පිහිටි තෝරාගත් ත‍්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකදී අද :05දාෆ සිට ජනතාවට කොවිඞ් එන්නත් ලබාදීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයකුට අද සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30 ත් අතර කාලය තුළ අදාළ රෝහල්වලින් එන්නත් පළමු මාත‍්‍රාව හෝ දෙවැනි මාත‍්‍රාව නියමිත පරිදි ලබාගත හැකිය.

නාරාහේන්පිටල පනාගොඩල වේරහැර පිහිටි යුද හමුදා රෝහල්ල බොරැල්ල ගුවන්පුර, කටුනායකල රත්මලාන, ඒකල පිහිටි ගුවන් හමුදා රෝහල්ල වැලිසර සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා රෝහල්වලින් මෙලෙස බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට කොවිඞ් එන්නත් ලබාගත හැකිය.

බස්නාහිර පළාතෙන් බැහැර වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට කොවිඞ් එන්නත් ලබාගැනීමට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලය තුළ ගාල්ල කොටුවල මාතර නිල්වලා කඳවුරල දියතලාවල අනුරාධපුරල කිලිනොච්චියල යාපනය හා මුලතිව් හි පිහිටි හමුදා රෝහල්හි පහසුකම් සපයා ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment