ත‍්‍රීමලේ තෙල් ටැංකි දෙරටටම සුබ ලෙස විසඳා ගැනීමට ඇමැතිට පැවරුවා ඉන්දීය ආයෝජකයන්ටත් ඇරයුම්… ජනපති විදේශ ලේකම්ට කියයි

190

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී අයුරින් විසඳා ගැනීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ෂ‍්‍රිංග්ලා මහතාට පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (05 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඉන්දීය විදේශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡුාවේදීය.

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවිය.

මෙහිදී ඉන්දීය ආයෝජකයන්ට ශ‍්‍රී ලංකාවේ ආයෝජන සඳහා විවෘත ආරාධානවක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක`ගතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බවද වාසි ආවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර 1960 – 70 දශකවල පැවති මිත‍්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යෑමට ඉන්දියාවේ සහාය අපේක්‍ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා දොරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

පවතින ගැටලූවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප‍්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළෙඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිවරයා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

අතුරුදන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුළු යුද්ධයක අතුරු ප‍්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බළකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

13 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක‍්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ‍්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්‍ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස්පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

උතුරු නැගෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක‍්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිවරයා යුද සමයේ දී ආරක්‍ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම්වලින් 90% කට අධික ප‍්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් පැවසීය. අතුරුදන් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇතිවූ අනෙකුත් ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

දෙරටේ භූගෝලීය පිහිටීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක‍්‍රියාවකට ශ‍්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

චීනය සමග ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසද ඉන්දීය විදේශ ලේකම්වරයා සමග කියා සිටියේය.

දෙරට අතර සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් සාච්ඡුාවට ලක් කෙරිණ. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

කොවිඞ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ළ`ගා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඞ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව සිය ප‍්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි බව පැවසීය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ

advertistmentadvertistment
advertistmentadvertistment