දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩිකාවන් 20 දෙනා අතරින් 4 ක් වාද්දුව මැදි විදුහලෙන්

238

කි‍්‍රකට් භාර ගුරුවරයා සහ සිසුවියන් හතර දෙනා

දිවයින පුරා කි‍්‍රකට් කී‍්‍රඩා කරන පාසල් අතර සිටින දක්ෂ දැරියන් තෝරාගෙන ජාතික කාන්තා කි‍්‍රකට් සංවර්ධන සංචිතයක් බිහි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරන බව කි‍්‍රකට් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා වාද්දුව මධ්‍යම මහා විද්‍යාලයේදී පසුගියදා ප‍්‍රකාශ කළේය.

 දිවයිනේ දක්ෂතම පාසල් කී‍්‍රඩිකාවන් විසි (20) දෙනකු දැනට තෝරා ගෙන ඇති අතර විසිදෙනා (20) අතරින් හතර (04) දෙනකුම වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ වීම විශේෂත්වයක් වන ඔවුන්ට උපහාර පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයේදී වික‍්‍රමරත්න මහතා මේ බව කීය. එම සිසුවියන් හතර දෙනා වන්නේ නවෝද්‍යා නෙත්මිණී, චමෝත්ෂා භාෂිණී, සාවින්දි කුරේ, මනෝහාරි නිසංසලා වේ. එම සිසුවියන් හතර දෙනා පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීය. මෙම උත්සවය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ගුරු දෙගුරු සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කර තිබිණි.

 තවදුරටත් එහිදී කතා කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක උප සභාපතිවරයා මෙසේද කීය. කාන්තා කි‍්‍රකට් සංවර්ධන ජාතික සංචිතයට තේරෙනවා කියන්නේ ගැහැණු දරුවකුගේ ජීවිතයේ ලැබෙන සුන්දරම වාසනාවන්ත දුර්ලභම අවස්ථාවක්. ලැබූ වාසනාවෙන් ප‍්‍රතිඵල

 ලබාගැනීම සඳහා ඉතා කැපවීමෙන් හා හික්මීමෙන් දිගටම පුහුණුවීම් කළ යුතුයි. එවිට ඔබට ජාතික මට්ටමේ ජයග‍්‍රහණ කළ විට ජාත්‍යන්තරය නියෝජන කිරීමේ භාග්‍ය උදා වෙනවා. පුහුණු කාලය තුළදී ඔබගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න අපි උදව් කරනවා වගේම ගෙවීමක් ද කරනවා.



 වාද්දුව විශේෂ – ගාමිණී ගුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment