දක්ෂතම මලල ක්‍රීඩකයා නදුන් බණ්ඩාර දක්ෂතම මලල ක්‍රීඩිකාව තරුෂී කරුණාරත්න

176

දින පහක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේ අතිශූරතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල නියෝජනය කළ නදුන් බණ්ඩාර සමත් වන අතර වාරයේ මහනුවර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල නියෝජනය කළ තරුෂී දිල්සරා කරුණාරත්න අතිශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

බාලක මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේදී ප්‍රදර්ශනය කළ 13.64 ක දක්ෂතාව පදනම් කර ගනිමින් නදුන් බණ්ඩාර ද බාලිකා මීටර් 400 ඉසව්වේදී ප්‍රදර්ශනය කළ තත්. 54.22 ක දක්ෂතාව පදනම් කර ගනිමින් තරුෂී දිල්සරා කරුණාරත්න ද අදාළ සම්මාන දිනා ගැනීමට සමත් වූහ.

එසේම දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩකයා ලෙස ද තිළිණ ලබා ගැනීමට නදුන් බණ්ඩාරට හැකියාව ලැබිණි.

මෙම තරගාවලියේ විසි කිරීමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පානදුර රාජකීය විදුහල නියෝජනය කළ ජයවී රත්හිඳ (යගුලිය දැමීම – මීටර් 16.94) දිනා ගන්නා අතර වාරයේ දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා ලෙස සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ඒ. කේ. කෝරාළ (තුන් පිම්ම – මීටර් 15.57) අභිෂේක ලැබීය.

පළාත් 09 ක් අතරේ ක්‍රියාත්මක කෙරුණු මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව සුපුරුදු පරිදි බස්නාහිර නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගත්හ. ඒ, ප්‍රසාද ලකුණු 1096.5 ක් සටහන් කර ගනිමිනි.

එකී අනුශූරතාව ලකුණු 464.5ක් හිමි කර ගත් මධ්‍යම පළාතට ද ලකුණු 375ක් සටහන් කර ගත් දකුණු පළාතට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment