දක්ෂිණ අධිවේගයේ අපරැක්කේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

187

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට සෝලා පැනල් තොගයක් පටවා තිබූ ලොරි රථයක් කිලෝමීටර් 126.8 අපරැුක්ක ප‍්‍රදේශයේ නවතා තිබියදී එම දිසාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ලොරි රථයේ පිටුපස

ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්¥ව මහතා පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ ට‍්‍රක් රථයේ සහායකයා වු කඩවත ඉහළ බියන්විල පදිංචිව සිටි ජී. ඒ. විජයරත්න (71) සහ බවුසරයේ රියැදුරා වන

ගෝනවල කුඹුක උතුර පිටවල පදිංචිව සිටි එච්. එම්. බණ්ඩාර (61) හැවිරිදි පුද්ගලයන්ය.

සෝලා පැනල් පටවාගත් ලොරි රථය පාලටුව සහ කජු¥ව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර අපරැුක්ක ප‍්‍රදේශයේ නවතා එහි රිය සහායකයා සෝලා පැනල් ගැටගසා තිබූ රැුහැන් ගැල වී ඇද්ද යන්න පරීක්ෂා කරමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසරය ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි සහයකයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ බවුසරයේ රියැදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. දක්ෂිණ අධිවේගී අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment