දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ පිවිසුම අසලදී වාහන 26 එකට ගැටේ

509

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන 26 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත. දොඩංගොඩ අධිවේගී පිවිසුම ආසන්නයේදී පෙරේදා (16 දා) රාත්‍රියේ වාහන 26 කට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම රිය අනතුර නිසා ජීවිත හානි කිසිවක් සිදු වී නැතැයි රථ වාහන පොලිසිය කියයි.

වාහන අතර පරතරයක් නොතබා ගමන් කිරීම අනතුරට හේතු වී ඇති බවත් මෙම අනතුරින් වාහනවලට දැඩි ලෙස අලාභ හානි සිදු වුවද කිසිවෙකුට තුවාලයක් හෝ සිදු වී නැති බවත් අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය.
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment