දක්‍ෂිණ අධිවේගයේ කපුදූව පිවිසුම අනිද්දා විවෘත වෙයි

214

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව නව පිවිසුම අනින්දා (02දා) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට Zoom තාක්‍ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්වෙමින් නව පිවිසුම විවෘත කිරීමට නියමිතය.

මෙම නව අන්තර් හුවමාරුව ඉදිකිරීමට රුපියල් මිලියන 400 කට අධික මුදලක් වැය වී ඇත.

නව අන්තර් හුවමාරුවෙන් මාතර කඹුරුපිටිය හක්මන මාර්ගයෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට හා පිටවීමට හැකියාව ලැබෙන අතර මෙමගින් මාතර නගරයේ රථ වාහන තදබදයද අවම වේ.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙම ස්ථානයට පිවිසුමක් ලබාදෙන ලෙස අවට ප‍්‍රදේශවල මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජනතාව පසුගිය රජය කාලයේ ඉල්ලීම් කළත් එය ඉටු නොවුණි. වත්මන් රජය එම ඉල්ලීම ඉටුකර දීමෙන් ඉහත මාර්ගය ඔස්සේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට වැඩිදුර ගමන් කිරීමට තිබූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 14 කින් පමණ අඩුවනු ඇත.

අනුර බාලසූරිය –  කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment