දකින සිනමාවේ නොදකින පැත්ත පෙන්වන ‘සිනේමා’

384

සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘදසාක්ෂිය රිදී තිරයේ දිගහැරෙන “ සිනේමා” සිනමාපටය සැප්තැම්බර් 02 දා සිට රිද්මා මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා පිහිටි සිනමාහල්වලදී තිරගත වීමට නියමිතය. වෛද්‍ය කපිල සූරිය ආරච්චිගේ නිර්මාණයක් වන “සිනේමා” චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි. ප්‍රතිරූ නමැති චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසෙන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවන සිනමා නිර්මාණය වන “සිනේමා” තුළින් ඔහු ගෙනහැර දක්වන්නේ ප්‍රේක්ෂකයා නොදකින සිනමා ක්‍ෂේත්‍රයේ ඇතුළාන්තයේ ඇති එක්තරා යථාර්ථයකි.

දකින සිනමාවේ නොදකින පැත්ත පෙන්වන 'සිනේමා'

ප්‍රතිරූ චිත්‍රපටය හදද්දි දැක්ක දේ
සිනේමා හදන්න හේතුවක් වුණා
– වෛද්‍ය කපිල සූරියආරච්චි

තම මුදල් බලයෙන් දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වය හා ඔවුන් සතු බුද්ධිමය දේපල කොල්ලකන ජාවාරමට හසුවන සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් සහ සිනමාව පිළිබඳ කුඩා කාලයේ සිට හදාරා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වෙර දරන බයිස්කෝප් ලෝලී තරුණයකු සිනමාවට පිවිස එහිදී මුහුණ දෙන සිදුවීම් මාලාවක් “සිනේමා” චිත්‍රපටයේදී සිනමාරූපීව රූපණයට නගා තිබේ.

“චිත්‍රපටියක් කරගෙන යද්දි ඒ පිටුපස අපට නොපෙනෙන කතා ගොඩාක් තියනවා. ඒක ඇතුලේ තියෙන එක කතාවක් තමා මම සිනේමා තුළින් එළියට ගන්නෙ.” ස්වකීය නිර්මාණය ගැන කතා කරමින් සිනේමා චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල සූරියආරච්චි සඳහන් කරන්නේ එසේය.

දකින සිනමාවේ නොදකින පැත්ත පෙන්වන 'සිනේමා'

“මේ කතා සංකල්පය එන්නෙ ම පුංචි කාලෙදිම. කුඩා කල සිටම මට හීනයක් තිබ්බා සිනමා නිර්මාණකරුවෙක් වෙන්න. ඒකට එක හේතුවක් වුණේ මම ජීවත් වුණ ගෙදර ඉදිරිපිට තිබුණ ඇල්පිටියේ නිව් රේඛා නමැති සිනමා ශාලාව. එතැනින් පැළවුණ වස්තු බීජය පසු කාලෙක රුසියාවේ ඉගෙන ගන්න දවස්වල කලාව පැත්තට මාව යොමු කළා. ඊට පස්සෙ ලංකාවට ඇවිත් යුද්ධය එක්ක ජීවත් වෙන මිනිස්සු එක්ක වැඩ කරල ලබපු අත්දැකීම් එක්ක “ ප්‍රතිරූ” නමැති පළවෙනි සිනමා පටය නිර්මාණය කළා. එම සිනමා පටය කරද්දි මම දැක්ක ධනාත්මක සහ සෘණාත්මක සිදුවීම් තමා සිනේමා චිත්‍රපටයට අඩිතාලම වෙන්නෙ. “දකින සිනමාවේ නොදකින පැත්ත” කියල මම මේකට කියන්නෙ ඒකයි. අනික සිනමාවේ විතරක් නෙමෙයි මේ සමාජයේ හැම තැනම ඉතාම සියුම් විදියට තියෙන බුද්ධිමය දේපල කොල්ලකෑම නමැති ජාවාරම “සිනේමා’‘ නිර්මාණයට ඇතුළත් කර ප්‍රේක්ෂකයා හමුවට ගෙනෙනවා යැයි ” වෛද්‍ය කපිල සූරියආරච්චි පවසන්නේය.

දකින සිනමාවේ නොදකින පැත්ත පෙන්වන 'සිනේමා'
චම්පික ජයනන්දන

“සිනේමා” රංගන දායකත්වයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි , මේඝ සූරියආරච්චි, නයනතාරා වික්‍රමආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලනි දොඩම්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, ජගත් බෙනරගම ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්වන අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප්, ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රසංග නාපාවල, අංග රචනයෙන් සුසන්ත රාමසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ඉන්දික විජේසිරි, නිෂ්පාදන කළමනාකරණයෙන් දමයන්ති ෆොන්සේකා, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, පසුබිම් ගායනයෙන් විශාරද අමරසිරි පීරිස්, සේනක බටගොඩ, විශාරද උරේෂා රවිහාරි සමගින් රංජන් සාලිය ඇතුළු පිරිසක් මෙම නිර්මාණය සඳහා කාර්මික දායකත්වය දක්වා ඇත. මෙහි කතාව, තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය කපිල සූරියආරච්චි වන අතර “සිනේමා” චම්පික ජයනන්දනගේ නිෂ්පාදන දායකත්වයෙන් අයිඩියල් ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමකි.

තිස්ස

දකින සිනමාවේ නොදකින පැත්ත පෙන්වන 'සිනේමා'

advertistmentadvertistment
advertistmentadvertistment