දකුණු අප්‍රිකාවට ලකුණු 9 ක ජයක්

210

ඉන්දියාව සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩාය ම අතර පෙරේදා (06 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 9ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 40කට සීමා වූ එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 40ක දී කඩුලු 4ක් දැවී ලකුණු 249ක් ලබා ගත් අතර ඉන්දියාවට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණි.

ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු විවේක ගන්වා තිබූ එම තරගයේ ශිකර් ධවාන් විසින් මෙහෙයවන ලද අතර සංජු සැම්සන් නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් 4 වැනි කඩුල්ල සඳහා ඩේවිඩ් මිලර් සමග එකතුව ලකුණු 149 %ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ හෙන් රිච් ක්ලාසෙන් නොදැවී ලකුණු 74ක් ලබාගත් අතර ඔහු තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 63ක දී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 75 කි.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකාව 249/4 (40) හෙන්රිච් ක්ලාසෙන් නොදැවී 74, ඩේවිඩ් මිලර් නොදැවී 75, ඩිකොක් 48
පන්දු යැවීම – ශර්ඩාල් කාකුර් 35/2, රවී බිෂ්තොයි
69 – 1, කුල්දීප් යාදව් 39 – 1

ඉන්දියාව 240/8 (40)
සංජු සැම්සන් නොදැවී 86, ෂෙයාසි අයියර් 50
පන්දු යැවීම – ලුක්හි එන්ටාඩ් 52 – 3, කගීසෝ රබඩා 36 – 2

advertistmentadvertistment
advertistmentadvertistment