දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේට ප්‍රසාද ලකුණු

206

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 9ක සීමා කෙරුණි.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් රැස්කළේය.අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවට පහරදෙමින් සිටියදී නැවත තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 7කදී ලකුණු 64ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ලැබිණි.එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 03කදී කිසිවකුත් නොදැවී ලකුණු 50ක් ලබාගෙන සිටියදී යළිත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය අත්හැර දැමීමට තීරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment