දකුණු අප‍්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්

153

ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකා කණ්ඩායම ඊයේ (25 වැනිදා) දිනය නිමා වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 238 ක් රැස් කර ගෙන සිටියේය.

සිය දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන සරෙල් එර්වී එහිදී ලකුණු 108 ක් ලබා ගත් අතර නොදැවී ක‍්‍රීඩා කරන ටෙම්බා බවුමා සහ රාසි වැන්ඩර් ඩූසේන් පිළිවෙළින් ලකුණු 22 ක් සහ 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති. ටිම් සවුති, මැට් හෙන්රි සහ කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් එක් කඩුල්ල බැගින් දවා ගත් අතර නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච්හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප‍්‍රිකාවට හිමි විය. තරගාවලියේ පළමු තරගයෙන් නවසීලන්තය ඉනිමක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment