දකුණු අප්‍රිකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම එයි

162

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ඊයේ (01 දින) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 24 දෙනකුගෙන් සමන්විත මෙම එම කණ්ඩායම උදෑසන 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම කණ්ඩායම පල්ලෙකැලේ හි පැවැත්වෙන එක් දින සීමිත ඕවර් තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිව් දින ක්‍රිකට් තරග දෙකකට ද සහභාගි වීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment