දකුණු අපි‍්‍රකාවට උසස්වීමක්

246

බංග්ලාදේශය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 332කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. අදාළ ජයත් සමගින් අයි.සී.සී ටෙස්ට් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන්නට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට හැකියාව ලැබිණි.

දෙරට අතර තරගයේ පළමුවෙන් ඉනිම දියත් කළ දකුණු අපි‍්‍රකාව සිය පළමු ඉනිමට ලකුණු 453ක් වාර්තා කළ අතර බංග්ලාදේශ පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 217කට සීමා විය. එ් අනුව ලකුණු 236ක පළමු ඉනිමේ වාසිය ලබාගත් දකුණු අපි‍්‍රකාව දෙවැනි ඉනිමට කඩුලූ 6ක් පමණක් දැවී ලකුණු 176ක් වාර්තා කරමින් බංග්ලාදේශයට ජයග‍්‍රහණය සඳහා අවසන් ඉනිමේදී ලකුණු 413ක දැවැන්ත අභියෝගයක් ලබා දුන්නේය. එ අනුව පිලිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම මුළු ලකුණු 80ට සියලූ දෙනා දැවී ගියේය.

දකුණු අපි‍්‍රකාව ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය යටතේ කී‍්‍රඩා කළ තරග 7කදී ජයග‍්‍රහණ 5ක් සමගින් ප‍්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට මේ වනවිට සමත්වී තිබේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ප‍්‍රසාද ලකුණු 72ක් ලබා ඇති ඔස්ටේ‍්‍රලියාවට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාව තරග 4කදී ජයග‍්‍රහණ 2ක් සමගින් එහි පස්වැනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment