දකුණු අපි‍්‍රකාව මැට් හෙන්රිගෙන් මට්ටු වෙයි

254

නවසීලන්ත පන්දු යවන්නකු මව් රට තුළ වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවේ සම අයිතිය දිනා ගනිමින් ලකුණු 23 කට කඩුලූ 7 ක් දවා ගත් මැට් හෙන්රිගේ විශ්ෂිට පන්දු යැවීම හමුවේ දකුණු අපි‍්‍රකා කණ්ඩායම වසර 90 කට පසු ලකුණු 100 කට අඩුවෙන් ඊයේ (17 වැනිදා) දැවී ගියේය.

සත්කාරක නවසීලන්තය සහ සංචාරක දකුණු අපි‍්‍රකාව අතර ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව ලකුණු 95 කට දැවී ගිය අතර එය දකුණු අපි‍්‍රකා කණ්ඩායමක් පළමු ඉනිම තුළ දැවී ගිය අඩුම 5 වැනි ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වේ.

නායක ඞීන් එල්ගාර් එක් ලකුණකට දවාලමින් සිය කඩුලූ දඩයම ඇරඹූ මැට් හෙන්රි ඕවර් 15 ක් තුළදී සිය කඩුලූ 7 දවා ගත් අතර එය නවසීලන්ත පන්දු යවන්නකු වාර්තා කළ හොඳම තෙවැනි පන්දු යැවීමේ දක්ෂතාවය ලෙස ද සටහන් වේ.

දකුණු අපි‍්‍රකානු ඉනිමට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ඇරඹූ නවසීලන්තය කඩුලූ 3 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත් අතර කඩුලූ 7 ක් අතැතිව ඔවුහු ලකුණු 21 ක් ඉදිරියෙන් සිටිති. නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් හිදී තරගය පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment