දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කී‍්‍රඩකයා නැමීබියා කණ්ඩායමට යයි

907

දකුණු අප‍්‍රිකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක ඬේවිඞ් වීසා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී නැමීබියා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත තිබේ. නැමීබියා ජාතික කණ්ඩායමේ පුහුණුකරු පියරේ ද බ‍්‍රයන් විසින් මේ බව තහවුරු කර තිබේ.

 ඬේවිඞ් වීසා2016 වසරේදී අවසන් වරට දකුණු අප‍්‍රිකාව නියෝජනය කළ අතර ඔහු දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 26 ක් ක‍්‍රීඩා කර තිබේ. 36 හැවිරිදි වියේ පසුවන වීසා ක‍්‍රීඩා කර ඇති සමස්ත 20යි 20 තරග සංඛ්‍යාව 255ක් වේ.

 එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායම සමගින් කොල්පැක් ගිවිසුමක් අත්සන් කිරීමත් සමග වීසා දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිටියට සමු දී ඇති අතර ඬේවීඞ් වීසගේ පියා ද නැමීබියාවේ උපත ලබා ඇති බැවින් ඔහුට නැමීබියා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම සදහා බාධාවක් නොවන බව විදෙම් මාධ්‍ය වාර්තා කරයි.

 නැමීබියා කණ්ඩායම මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ක‍්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී ඔවුන්ගේ ප‍්‍රතිවාදීන් වන්නේ ශ‍්‍රී ලංකාව, අයර්ලන්තය හා නෙදර්ලන්තයයි.

advertistmentadvertistment
advertistmentadvertistment