දකුණු අප‍්‍රිකානුවෝ තරම පෙන්වති

207

ලකුණු 11 ක් ඇතුළත නම් දැරූ පිතිකරුවන් සිව් දෙනෙකුම දැවී යෑම හේතුවෙන් දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (10 දා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකානු පිල සමත්විය. මෙම තරග ජයත් සමඟ තරගාවලිය  1-0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණ ගත්තේය.

ජයග‍්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8.20 ක දළ වේගයක් රඳවා  ගැනීමේ අභියෝගය සමඟ පිටියට පිවිසි  ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රභල දකුණු අප‍්‍රිකානු පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී රැුස් කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය වෙනුවෙන් තනිවම සටන් වැදුණු චන්දිමාල් පන්දු 54 කදී ලකුණු 66 ක් ලබා ගත්තද සෙසු අංශයෙන් ඔහුට අවශ්‍ය වූ සහයෝගය නොමැති වීම ලකුණු පරතරයට හේතු විය.

අවිෂ්ක ප‍්‍රනාන්දුත් දුවද්දී දැවී යෑමටත් අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ මුහුණ දුන් මුල් පන්දුවෙන් දැවී යෑමත් ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය. කණ්ඩායමේ නවතම බලාපොරොත්තුව බවට පත්ව සිටින චරිත් අසලංකටද ඊයේ දිනයේදී රැුස් කරගත හැකි වූයේ ලකුණු

6 ක් පමණි. ඒ සඳහා අසලංක පන්දු 19 කට මුහුණ දුන්නේය. පන්දු 13 ක පරතරයක් අසලංකගේ ඉනිමෙන් සටහන් වුවත් තමාගේ වගකීම වූ ලකුණු රැුස් කිරීමේ කාර්යයේ නියැළී ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැුස් වුණු ලකුණු

34 න් 28 කම හිමිකරුවා බවට පත්විය. ඒ සඳහා චන්දිමාල් මුහුණ දී තිබුණේ පන්දු 11 කට පමණි. අවසන් වැනි පන්දුවාර තෙක්ම රැුදී සිටි චන්දිමාල් පන්දු 54 කදී ලකුණු 66 ක් ලබා ගනිද්දී ශ‍්‍රී ලංකා ඉනිමෙන් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූයේ නායක දසුන් ශානක(16) සහ චාමික කරුණාරත්න (22) පමණි.

15 වැනි පන්දුවාරයේ සිට 18 වැනි පන්දුවාරය දක්වා වූ පන්දු 24 තුළ ලකුණු 53 ක් ලබා ගනිමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ඬේවිඞ් මිලර් සහ ඒඞ්න් මාක‍්‍රම් සමත් වූ අතර වාරයේ නොබියම පන්දුවට අතට ගත් දසුන් ශානක මාක‍්‍රම්ගේ කඩුල්ලද දවා ගනිමින් එම පන්දුවාරය ලකුණු 6 කට සීමා කළේය. දුෂ්මන්ත චමීර විසින් යවන ලද අවසන් පන්දුවාරයේදීද ඬේවිඞ් මිලර්ගේ කඩුල්ලද දවා ගැනීමට සමත්වීම නිසා පහසුවෙන්ම ලකුණු 175 සීමාවට යෑමට දකුණු අප‍්‍රිකානුවන්ට තිබූ අවස්ථාව අහිමිවිය.

විස්සයි-20 තරගාවලියටම එක්වූ කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩි‍්‍රක්ස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ගොඩ නංවන ලද ලකුණු 73 ක වේගවත් ආරම්භයත් ලබා දුන්හ. කුවින්ටන් ඩි කොක්ගේ කඩුල්ලත් සමග සිය කඩුලූ‍ දඩයම

ඇරැුඹූ හසරංග හෙන්ඩි‍්‍රක්ස්ගේ කඩුල්ලද දවා ගත්තේය. විස්සයි-20 තරග අංශය යටතේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් 90 වැනියා ලෙසින් වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ හෙන්ඩි‍්‍රක් ක්ලාසන්ගේ කඩුල්ල මංගල කඩුල්ල ලෙසින් දවා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ පන්දු යැවීම නිසා ලකුණු 14 ක් ඇතුළත දකුණු අප‍්‍රිකානු ඉදිරි පෙළ කඩුලූ‍ 3 ම දැවී ගිය නමුත්, වගකීම කරට ගත් ඬේවිඞ් මිලර් සහ මාක‍්‍රම් පන්දු 35 කදී ලකුණු 65 ක් රැුස් කරමින් දකුණු අප‍්‍රිකානු ශ‍්‍රී ලංකාවට එරෙහිව වූ ඉලක්කය ඉහළ දැමූහ. ප‍්‍රභල පහර පිටිය සිසාරා එල්ල කළ නමුත් වනිඳු හසරංගගේ පන්දු වලට මුහුණ දීමේදී මොවුන් දෙපළ හැකිතාක් පරෙස්සම් වීමට වග බලා ගත්හ. තරමක වේගවත් වූත් ගුවනට මුසු නොවුණුත් පන්දු වැළකින් සිය පන්දු යැවීමේ කර්තව්‍යයේ නිරත ලොව දක්ෂතම පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින හසරංග ක‍්‍රියාත්මක කරන ලද පන්දු 24 න් 7 ක්ම නිලකුණු පන්දු ලෙසින්විය. 16 වැනි පන්දුවාරය යැවීමත් සමඟ තම පන්දුවාර 4 නිමා කළ පා දඟ පන්දු යවන්නා තම පන්දු යැවීම ලකුණු 23 කට කඩුලූ‍ 2 ක් ලෙසින් සටහන් කර ගත්තේය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment