දකුණු අප‍්‍රිකානු පාර්ලිමේන්තුවේ ගින්නක්

130

දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඊයේ දහවල්  විශාල ගින්නක් හටගෙන තිබිණි.

මාධ්‍යට නිකුත් වී ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ වහලෙන් විශාල ගිනිදැල් පිටවීමත් සමඟ කළු දුමාරයක් අහස පුරා පැතිරෙන බවයි. ගිනි නිවන භටයන් විශාල පිරිසක් යොදා ගින්න මැ`ඩපැවැත්වීමට උත්සාහ ගෙන තිබිණි. ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

ගින්න ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තුව අසල ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැඳුරේදී අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය නිමවී පැය කිහිපයකට පසුවය.

කේප් ටවුන්හි පාර්ලිමේන්තු මන්දිරය කොටස් තුනකින් සමන්විත වන අතර පැරණිතම ඒවා 1884 කාලය දක්වා දිව යයි. 1920 සහ 1980 ගණන්වල ඉදිකරන ලද නව කොටස් මේ ගොඩනැගිල්ලට එක්කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment