දකුණු අප‍්‍රිකාවෙන් බලවත් කොරෝනා ප‍්‍රභේදයක් හඳුනාගැනේ එය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වේගවත්

240

කොරෝනා මර්දන එන්නත්වලට මර්දනය කිරීම අසීරු දැනට පැතිර යන ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් දකුණු අප‍්‍රිකාවෙන් සොයා ගෙන තිබේ. මෙම නව කොරෝනා ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා දරුණු බව හෙළි වීමත් සමගම එංගලන්තය දකුණු අප‍්‍රිකාව ඇතුළු අප‍්‍රිකානු රටවල් 6කින් පැමිණෙන සංචාරකයන්ට එරටට පැමිණීම තහනම් කර ඇති අතර එංගලන්ත වැසියන්ට දකුණු අප‍්‍රිකාවට යෑම සීමා කර තිබේ.

ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිර යන මෙම නව කොරෝනා ප‍්‍රභේදය බී.1.1 529 ලෙස නම් කර ඇති අතර එය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වැඩි වේගයකින් නව ප‍්‍රභේද බිහි කරන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥවරයෙකු වන මහාචාර්ය ජේම්ස් නේස්මිත් පවසයි. මේ අතර මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ දකුණු අප‍්‍රිකානු රටක් වන මලාවි රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ඊශ‍්‍රායලයේදී හඳුනාගෙන තිබේ. මෙම නව වෛරසයේ විකෘතිතා 50ක් පමණ සිදුව ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. නව දකුණු අප‍්‍රිකානු කොරෝනා වෛරස් ප‍්‍රභේදය මේ වන විට දකුණු අප‍්‍රිකානුවන් 100 කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති අතර යාබද බොට්ස්වානා රාජ්‍යයටද එය පැතිර ගොස් තිබේ. මෙම ආසාදිතයන් බොහෝ දෙනකු සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගත් අය බව වාර්තා වී තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන බවත් මෙම ප‍්‍රභේදයේ විකෘතිතා මතු වීම වෛරසයේ හැසිරීමට බලපානු ලබන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment