දකුණු අප‍්‍රිකාවේ කොරෝනා වසංගතය පැතිරීමට හේතුව ‘‘ඔමික්‍රෝන්” බව පිළිගනී

212

දකුණු අප‍්‍රිකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යෑමට හේතු වී ඇත්තේ අලූතින් සොයාගත් ‘‘ඔමික්‍රෝන්” වෛරස් ප‍්‍රභේදය බව දකුණු අප‍්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් විසින් පිළිගෙන තිබේ. ඔමික්‍රෝන් වෛරසයේ හැසිරීම කනස්සල්ලට හේතුවක් බවත් ඉකුත් සතියේ දිනකට දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වූ 1275 ක් පමණ වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට දිනකට 8000 ක් ඉක්මවා ගොස් ඇති බව එම බලධාරීහු පවසති.

‘‘ඔමික්‍රෝන්” වෛරස් ප‍්‍රභේදය සොයාගත් විට එය දකුණු අප‍්‍රිකාවේ වැඩි වෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට බලපෑම් කර ඇති බව පිළිගැනීමට දකුණු අප‍්‍රිකානු බලධාරීන් මැලි විය. කෙසේ වුවද එම බලධාරීන් දැන් පවසනුයේ ළඟදීම මෙම වෛරස් ප‍්‍රභේදය එරට පමණක් නොව ලොව පුරා පැතිර යන ප‍්‍රධානතම කොරෝනා වෛරස් ප‍්‍රභේදය බවට පත් වනු ඇති බවයි. දකුණු අප‍්‍රිකාවේ වසංගත රෝග පිළිබඳ ජාතික ආයතනය පවසනුයේ ඉකුත් මාසයේ පරීක්ෂණයට ලක් කළ කොරෝනා ආසාදිතයන්ගේ සාම්පලවලින් සියයට 74කම නව ප‍්‍රභේදය තිබූ බවයි. මේ අතර ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙන්ම දකුණු කොරියාවේද කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන ඇති බව වාර්තා වී තිබේ. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙන්ම යුරෝපා රටවල්

ගණනාවකින්ම ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වී ඇති බව හෙළි වී තිබේ. නව ප‍්‍රභේදය එන්නත් වලට ඔරොත්තු දෙන්නේද නැත්ද යන්න පිළිබඳව විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වති.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment