දකුණු අප‍්‍රිකාවේ ගුවන් ගමන් නවතී – නව ප‍්‍රභේදය හඳුනා ගැනීමත් සමග දකුණු අප‍්‍රිකාව තනි කරලා – එරට විදේශ අමාත්‍යාංශය කියයි

164

ඔමික්‍රෝන් ප‍්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ පිටස්තර ලෝකය දකුණු අප‍්‍රිකාව හුදෙකලා කර කොන්කර ඇතැයි එරට විදේශ අමාත්‍යාංශය කියයි.

මෙම කොරෝනා ප‍්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු ලෝකය තම රටට ප‍්‍රසංශා කළ යුතු නමුත් ඒ වෙනුවට කොන්කර ඇතැයි දකුණු අප‍්‍රිකාව කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම ප‍්‍රභේදය හඳුනා ගැනීම කනස්සල්ලට කරුණුක් බවයි.

නව ප‍්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ඊශ‍්‍රායලයේ සියලූම විදේශිකයින්ට එරටට ඇතුළුවීම තහනම් කර ඇත.

මෙය දින 14කට බලපැවැත්වෙන බව ඊශ‍්‍රායලය කියයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment