දකුණු ආසියානු කෙටි චිත‍්‍රපට උළෙලේ තරගකාරී අංශයේ තුන්වන තැන දිනූ රන්දිගේ Bless this home

288

පසුගිය දිනෙක හතරවන දකුණු ආසියානු කෙටි චිත‍්‍රපට උළෙලේ තරගකාරී අංශයේ තුන්වන ස්ථානය සඳහා හිමිවූ රිත්වික් ඝටක් ලෝකඩ සම්මානය රන්දි කලූආරච්චිගේ Bless this home කෙටි චිත‍්‍රපටය සඳහා හිමිවිය. ක‍්‍රිස්ලිස් ආයතනයේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධව දියත්කළ ව්‍යාපෘතියක් වෙනුවෙන් ගෘහස්ථ හිංසනය තේමාව කර ගනිමින් මෙම කෙටි චිත‍්‍රපටය නිර්මාණය කර තිබුණි.

‘‘මම ඇත්තටම ගෘහස්ථ හිංසනය කියන මාතෘකාවටවත් කැමැති කෙනෙක් නෙමෙයි. මම කොයි වෙලේවත් මම පීඩාවට පත්වෙන සහ තව කෙනෙක් පීඩාවට පත්වෙන මාතෘකා අරගෙන නිර්මාණ කරන්නේ නැහැ. නමුත් අනෝමා රාජකරුණා මහත්මිය මට කතා කරලා මේ තේමාවට නිර්මාණයක් කරන්න කිව්ව නිසා තමයි මම ඒ ආරාධනාව පිළි අරගෙන Bless this home නිර්මාණය කළේ. බොහෝ දෙනෙක් කෙටි චිත‍්‍රපටයට අවධානය යොමු නොකරන කාලෙක අනෝමා රාජකරුණා මහත්මිය කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන්ට අතහිත දෙන ඒ ගැන උනන්දුව දක්වන කෙනෙක් නිසා ඇගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්න හිතුණේ නැහැ’’ ලෙසින් රන්දි Bless this home නිර්මාණය කිරීම සඳහා පසුබිම සැකසුණු අයුරු පැහැදිලි කළාය.

තමන් අකැමැති රළු මාතෘකාවක් වුවද උද්වේගකර බවින් තොරව වෙනස් ලෙස පේ‍්‍රක්ෂකයා කරා සමීප කිරීම සඳහා රන්දි උත්සාහ දරා ඇති අතර Bless this home ඇගේ අනෙකුත් කෙටි චිත‍්‍රපටයන්ට වඩා වෙනස් නිර්මාණයක් බව කිව යුතුය.

‘‘ඇත්තටම ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වගේ තේමාවක් ඔස්සේ කරන නිර්මාණයක් දෙබස් දාලා තවත් පීඩාකාරී කරන්න මට වුවමනාවක් තිබුණේ නෑ. ඒ නිසා මම නිර්මාණය පුරාවටම අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රධාන මාධ්‍ය විදිහට සංගීතය භාවිත කළා. වචන නැති වුණාට සංගීතය කියන්නෙත් එක් භාෂාවක් නිසා පේ‍්‍රක්ෂකයන්ට නිර්මාණය රස විඳින්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ. විනාඩි නමයක් වගේ කාලයක් මේ චිත‍්‍රපටය ගලාගෙන යනවා.’’

2018 වර්ෂයේ රන්දි විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත‍්‍රපටය සඳහා නිෂ්පාදන දායකත්වය දක්වා ඇත්තේ අනෝමා රාජකරුණා මහත්මිය විසිනි. බිම්සාරා පේ‍්‍රමරත්න, අශාන් ඩයස්, සුදම් කටුකිතුලේ, ශලීෂා රාජපක්ෂ මේ සඳහා රංගනයෙන් දායක වේ.

Bless this home කෙටි චිත‍්‍රපටයට අමතරව සැඳෑවේ අරුණළු, සංසාරණ්‍යය, මාළු, ්‍ය්ඩැ ් බසජැ ා්හ, ඊැ අසඑය පැ වැනි චිත‍්‍රපට කිහිපයක් රන්දි විසින් නිර්මාණය කර තිබේ.

‘‘උසස් පෙළ කේවල ව්‍යාපෘතිය කරද්දි පිටු ගණන් ලියලා ව්‍යාපෘති හදන්න මට කම්මැලි හිතුණා. ඒ නිසා මම හිතුවා වෙනස් විදිහේ වැඩක් කරන්න. මම තීරණය කළා කෙටි චිත‍්‍රපටයක් හදනවා කියලා. 2008 වර්ෂයේ උසස් පෙළ කේවල ව්‍යාපෘතියට මම ‘සැඳෑවේ අරුණළු’ නමින් කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කරා. ඒ තමයි මගේ පළවෙනි චිත‍්‍රපට නිර්මාණ අත්දැකීම. ඒකෙන් පස්සේ අධ්‍යක්ෂවරියක් වෙන එක, පිටපතක් ලියන එක ටිකක් වෙනස් වැඩක් කියල මම තේරුම් ගත්තා. එදා ඉඳලා නිර්මාණකරණයටත්, පිටපත් රචනයටත් නැඹුරු වුණා.’’

කෙටි චිත‍්‍රපට නිර්මාණකරණයට ප‍්‍රවේශ වීම සම්බන්ධයෙන් රන්දි එලෙසින් ඇගේ මතකය අවදි කළාය.

‘‘මේ වෙද්දි මම වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරක ආයතනයක ක‍්‍රියේටිව් රයිටර් කෙනෙක් විදියට රැුකියාව කරනවා. ඒ වගේම ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය තුළින් තමයි මම සිනමාව පිළිබඳව ඉගෙන ගත්තේ. එතැනදිත් මම අත්දැකීම් රාශියක් ලබා ගත්තා. ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන චාන්දනී සෙනෙවිරත්න මහත්මිය සහ හිරාන් අබේසේකර මහත්මයා එකතු කරගෙන මම ඊැ අසඑය පැ චිත‍්‍රපටය නිර්මාණය කළා. කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ කෙටි චිත‍්‍රපට අංශයේ එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වුණා. එමෙන්ම student international film festival හිදි හොඳම චිත‍්‍රපටයට මෙන්ම හොඳම අධ්‍යක්‍ෂ සඳහා නිර්දේශ වුණා. එය ඉන්දියාවේ පූනේ චිත‍්‍රපට ආයතනයේදීද ප‍්‍රසාද් චිත‍්‍රපට ආයතනයේදීද විශේෂ ප‍්‍රදර්ශන කිරීම් කළා.’’

මීට අමතරව රන්දිගේ සංසාරණ්‍ය කෙටි චිත‍්‍රපටය 2011 වර්ෂයේදී රත්මලාන වෘත්තිය පුහුණු විශ්වවිද්‍යාලයේ පැවති සිනමා උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙසත් ජනප‍්‍රියතම චිත‍්‍රපටය ලෙසත් ජයග‍්‍රහණ හිමිකර ගෙන ඇත.

සිනමාපටයක් කිරීමේ පෙරහුරුව ලබා ගැනීම සඳහා කෙටි චිත‍්‍රපට නිර්මාණය වන බවට බොහෝ දෙනකු අදහස් දැක්වුවද රන්දි පවසන්නේ කෙටි චිත‍්‍රපටයටද අනෙකුත් කලා නිර්මාණවලට මෙන්ම වටිනාකමක් දිය යුතු බවයි.

‘‘සිනමාව කියන එක පොදුවෙ වගේම පුද්ගලිකවත් විඳින්න පුළුවන් මාධ්‍යයක්. මම නම් චිත‍්‍රපට නිර්මාණය කරන්නේ මම ඒකට කැමති නිසා සහ ඒ තුළින් මට තෘප්තියක් ලැබෙන නිසා. අද වෙනකොට කෙටි චිත‍්‍රපටයට ගැන බොහෝ දෙනෙක් තැකීමක් කරන්නේ නැහැ. ඒ වුණාට කෙටි චිත‍්‍රපටය කියන්නේ හොඳ ප‍්‍රකාශන මාධ්‍යයක්.’’


නිරෝෂා වාසල 
 

advertistmentadvertistment
advertistmentadvertistment