දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශී‍්‍ර ලංකා මූලික සංචිතය නම් කරයි

117

පසුගිය ජූනි මස දකුණු කොරියාවේ දී පවත්වන ලද ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවැනි වටයට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන්ට අමතරව තවත් ක‍්‍රීඩකයන් 07 දෙනකු ජාතික සංචිතයේ පුහුණුව සඳහා කැඳවා තිබේ.

 අප් කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩා සමාජයේ මොහොමඞ් ෂිෆාන්, කලම්බු පාපන්දු සමාජයේ අබ්දුල් බාසිත් සහ ආෆීල් මොහොමඞ්, ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ නුවන් ගිම්හාන, බ්ලූ ස්ටාර්ස් පාපන්දු සමාජයේ කවීෂ් ප‍්‍රනාන්දු, රිනවුන් ක‍්‍රීඩා සමාජයේ අමාන් ෆයිසර් හා සී හෝර්ක්ස් පාපන්දු සමාජයේ අසේල මධුෂාන් එම ක‍්‍රීඩකයෝ වෙති.

 එළඹෙන ඔක්තෝබර් මස 01 දින සිට 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කෙරෙන දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය හෙවත් සහ සාෆ් පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීම උදෙසා මෙම සංචිතය කැඳවා තිබේ.

 ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා යටතේ කැලණිය මධ්‍යස්ථානය සහ බැද්දගානේ මධ්‍යස්ථානය තුළ පිහිටි ක‍්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මෙම සංචිතයේ පුහුණුවීම් සිදු කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබීම කැපී පෙනේ.

 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඞ් -19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ක‍්‍රීඩකයන් සියලූ දෙනාම ජීව බුබුලක ආරක්ෂාව යටතේ පුහුණු ක‍්‍රියාවලිය සිදු කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ.

 සාමාජිකයන් 29 දෙනකුගෙන් සැදුම්ලත් වන මෙවර පුහුණු සංචිතයට වැඩිම ක‍්‍රීඩකයන් නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩා සමාජයෙන් සහ කොළඹ ක‍්‍රීඩා සමාජයෙන් සුදුසුකම් ලබා සිටිති. එම සංඛ්‍යාව 06 දෙනකු බැගිනි.

 මීට අමතරව ක‍්‍රීඩකයන් සිව්දෙනකු ඩිෆෙන්ඩර්ස් සමාජයෙන්ද කළුතර බ්ලූ ස්ටාර්ස්, සී හෝර්ක්ස්, වෙන්නප්පුව නිව් යංග්ස්, කොළඹ රිනවුන් සහ බ්ලූ ඊගල්ස් යන ක‍්‍රීඩා සමාජය වලින් තෝරාගෙන ඇති ක‍්‍රීඩකයන් සංඛ්‍යාව දෙදෙනා බැගිනි. පානදුර රෙඞ් ස්ටාර්ස්, එංගලන්තයේ ක්වීන් පාර්ක් රේන්ජර්ස් සහ බර්ගෙස් හිල් ටවුන් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන එක් ක‍්‍රීඩකයකු බැගින් මෙවර සංචිතයට කැඳවා තිබේ.

 ජාතික පාපන්දු පුහුණු සංචිතය

 ඩබ්ලිව්. එස්. ටී. ඞී. සුජාන් පෙරේරා (අප් කන්ටි‍්‍ර ලයන්ස් ), එච්. එම්. ප‍්‍රභාත් රුවන් අරුණසිරි (බ්ලූ ඊගල්ස්), ආර්. කේ. ධනුෂ්ක රාජපක්ෂ (නිව් යංග්ස්), කේ. එන්. හර්ෂ ප‍්‍රනාන්දු (බ්ලූ ඊගල්ස්), ඒ. ඒ. එස්. රොෂාන් අප්පුහාමි (ඩිෆෙන්ඩර්ස්), යූ. එච්. ඞී. ජූඞ් චමෝද් ඩිල්ෂාන් (කලම්බු), බී. එම්. චරිත බණ්ඩාර රත්නායක (කලම්බු), වයි. ඩක්සන් පස්ලස් (නිව් යංග්ස්), ආර්. ඒ. චතුරංග මධුෂාන් (අප් කන්ටි‍්‍ර ලයන්ස්), මර්වින් හැමිල්ටන් (බර්ගෙස් හිල් ටවුන්), එම්. චලන චමීර (කලම්බු), එස්. ජූඞ් සුපන් (රිනවුන්), එම්. එම් මොහොමඞ් මුස්තාක් (අප් කන්ටි‍්‍ර ලයන්ස්), එන්. මොහොමඞ් පශාල් (බ්ලූ ස්ටාර්ස්), එල්. එච්. කවිඳු ඉෂාන් (අප් කන්ටි‍්‍ර ලයන්ස්), ඩිලන් සෙනන් ද සිල්වා (ක්වීන්ස් පාර්ක් රේන්ජර්ස්), අහමඞ් වසීම් රාසික් (අප් කන්ටි‍්‍ර ලයන්ස්), එම්. එෆ්. මොහොමඞ් ආකීබ් (කලම්බු), එම්. ඒ. අසීකුර් රහුමාන් (ඩිෆෙන්ඩර්ස්), එම්. ඒ. මොහොමඞ් හස්මීර් (සී හෝර්ක්ස්), එස්. සුපුන් ධනංජය (රෙඞ් ස්ටාර්ස්), එම්. ජේ. රිෆ්කාන් මොහොමඞ් (ඩිෆෙන්ඩර්ස්), මොහොමඞ් ෂිෆාන් (අප් කන්ටි‍්‍ර ලයන්ස්), නුවන් ගිම්හාන (ඩිෆෙන්ඩර්ස්), අබ්දුල් බාසීත් (කලම්බු), අමාන් ෆයිසර් (රිනවුන්), අසේල මධුෂාන් (සී හෝර්ක්ස්), ආෆීල් මොහොමඞ් (කලම්බු) සහ කවීෂ් ප‍්‍රනාන්දු (බ්ලූ ස්ටාර්ස්)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment