දකුණු ආසියානු මේසපන්දු මුල් පුටුව කනකට

101

දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අභිනව සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා නිතරගයෙන් පත්විය.

කටාර් දේශයේ දෝහා අගනුවරදී ඉකුත් ඉරිදා (03* පවත්වන ලද ආසියානු මේස පන්දු සම්මේලන නිලවරණයට සමගාමීව දකුණු ආසියාතික මේස පන්දු සම්මේලනයට නිලධාරින් පත් කිරීම සිදු කෙරුණු අතර එහිදී කනක හේරත් මහතා නිතරගයෙන්ම පත්වීම කැපී පෙනුණි.

මෙම ධුරය සදහා ශ‍්‍රී ලාංකිකයකු පත් වුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

2019 වසරේ සිට කනක හේරත් මහතා ශ‍්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපති ධූරය ද හොබවයි.

ශ‍්‍රී ලාංකිකයෙකු ලෙස මීට පෙරාතුව දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ උප සභාපති ධූරය මෙන්ම කලක් ගරු ලේකම්ර ධූරය හෙබවීමේ වරම චන්දන පෙරේරා මහතාට හිමි වී තිබුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment