දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ ආධිපත්‍යය ඉන්දියාවට

17

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය, දකුණු ආසියානු මේස පන්දු සංගමයේ ද සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ ඉසව් 14කින් ඉසව් 13ක ම ශූරතා දිනා ගැනීමට ඉන්දියාව පෙරේදා සමත් විය.

මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලියේ ඉන්දියාව ශූරතා 13ක් දිනාගැනීමට සමත්වූ අතර සත්කාරක ශ්‍රී ලංකාව එක් ශූරතාවක් දිනාගැනීමට සමත්විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆියුල්ලා අක්‍රම්, කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර, ඩිරන් හාමර්, විනුක ගුණවර්ධන සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සලුක ප්‍රේමචන්ද්‍ර එක්ව වයස අවුරුදු 19න් පහළ බාලක ඉසව්වෙන් ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය ලැබීය.

ශ්‍රී ලංකාව මීට අමතරව අනුශූරතා සහ තෙවැනි ස්ථාන රැසක් ජය ගත්තේය.

බංග්ලාදේශය අනුශූරතා 2ක් සහ තෙවැනි ස්ථාන 6ක්, පාකිස්තානය අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 7ක්, නේපාලය අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 5ක් සහ මාලදිවයින අනුශූරතාවක් සහ තෙවැනි ස්ථාන 3ක් දිනා ගැනීමට සමත්විය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment