දකුණු ආසියාවේ පාරිසරික නීතිය පිළිබඳ වාර්තාව එළිදක්වයි

98

පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර නීති සහ ප‍්‍රතිපත්ති කේන්ද්‍රය (CELP) එක්ව ප‍්‍රසිද්ධියට පත් කර ඇති දකුණු ආසියාවේ පාරිසරික නීතිය පිළිබඳ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාව ඉකුත් 30 වැනි සෙනසුරාදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.

 මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වූයේ අධිකරණ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාය. මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහFriends of the Earth ජාත්‍යන්තර සංවිධානයේ වත්මන් සභාපති හේමන්ත විතානගේ මහතා විසින් එම වාර්තාව අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

දකුණු ආසියාවේ පාරිසරික නීතිය පිළිබඳ වාර්තාව එළිදක්වයි



 දකුණු ආසියාවේ පාරිසරික නීතිය පිළිබඳ මෙම වාර්තාව තුළින් මේ වන විට ලංකාවේ සහ බංගලාදේශය මෙන්ම නේපාලය ප‍්‍රමුඛව පකිස්තානය, ඉන්දියාව, මැලේසියාව යන රටවල අධිකරණ වෙත ඉදිරිපත් වූ පාරිසරික නඩුකර රැුසක් මෙහි ප‍්‍රසිද්ධියට පත්කර ඇත.

 මෙහිදී කෝනසිංහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය, පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය කෝකිලා, පරිසර නීති හා ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සාමාජික මෙන්ම සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක එදිරිසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සම්පත් පුංචිහේවා, පාරිසරික නීති සංසදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා නීතිඥ රිශ්වානා හසාන් (බංගලාදේශය-Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය), පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන, සිවිල් සංවිධාන ක‍්‍රියාධර, පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් යන අය දෙසුම් පවත්වන ලදී.

 පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත‍්‍රාගොඩ මහතා විසින් මෙහිදී ස්තුති කතාව පවත්වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment