දකුණු කොරියාවට කළු පැල්ලමක් වූ භීතියේ නිවහන

570

හැන් ජොන්ග් සුන්ට දැන් වයස අවුරුදු හතළිහකි. එහෙත් තවමත් ඔහු නිදාගන්නේ කාමරයේ විදුලි පහන් දල්වාගෙනය. ඒ, විදුලි පහන් නිවන හැම විටෙකම ඔහුගේ අඳුරු ළමාවියේ බිහිසුණු මතකයන් අවදි වන හෙයිනි.

”විදුලි පහන් නිව්වම තමයි ඒ ලිංගික අපචාර පටන් ගන්නේ..” ඔහු කියයි. හැන්, ඒ බියකරු හිංසනයේ තවත් එක් වින්දිතයකු පමණකි. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් පවසන අන්දමට, දකුණු කොරියාවේ මෑත ඉතිහාසයේදී සිදුවුණු නින්දිතම මානව හිමිකම් උල්ලංඝනය එයයි.

දැන් හැන්ට වුවමනා මේ අපරාධයට වගකිවයුත්තන් හා එය නොදුටුවා සේ සිටියවුන් අනාවරණය කොට, ඔහුත්, ඔහු සමග මේ අපරාධයට බඳුන් වූ අනෙක් අයවත් ඒ පීඩනයෙන් මුදා ගන්නටය.

දකුණු කොරියාවට කළු පැල්ලමක් වූ භීතියේ නිවහන

Brother’s Home යනු, 1970 හා 1980 දශක වල දකුණු කොරියාවේ දෙවන විශාලතම නගරය වන බුසාන් හි තිබුණු, රජයේ පාලනය යටතේ පැවැති සුබසාධන නිවාසයකි. මෙය පිහිටුවන ලද්දේ 1988 පැවැති සියොල් ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ”නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්” වශයෙනි. මෙහි නිවැරදි අරමුණ වූයේ නම් නගරය තුළ අයාලේ යන්නන් හා වීදි දරුවන් ගෙනගොස් මෙවැනි සුබසාධන නිවාස වල රඳවා, ඔවුන්ට ඉඳුම් හිටුම් හා ආහාරපාන ද, අධ්‍යාපනය ද ලබා දෙමින් රඳවා තබාගෙන, වසරකට පසුව ඔවුන් මුදා හැරීමය. එහෙත් සිදුවූයේ අනෙකකි. ඔලිම්පික් උත්සවය සඳහා නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යෑමට, නගරයේ සිටින අයාලේ යන්නන් අල්ලා එක් තැනකට කර රඳවා තබන්නට නිකුත් වූ ආඥා පනත යටතේ බොහෝ තැන්වල මෙවැනි රැුඳවුම් නිවාස පිහිටුවනු ලැබිණ. එසේ අයාලේ යන්නන් එකතු කිරීම සඳහා විශේෂිත වූ බස් රථ වර්ගයක් ද සේවයේ යෙදවිණ. අයාලේ යන්නන් එකතු කර දෙනවාට එරට පොලිසියට රජයෙන් විශේෂ වරප‍්‍රසාද ද හිමි විය. ඒ නිසාම වීදිවල ඉබාගාතේ යන්නන්ට පමණක් නොව, එදා වේල සරිකරගන්නට පාරට එන දුප්පතුන්ටත් උදා වූයේ අපල කාලයකි.

පොලිසිය ඇතුළු අනෙකුත් නිලධාරීන් විසින් මේ නිවාස වලට බලහත්කාරයෙන් ගාල් කරන ලද මිනිසුන් අතර, නගරයේ ඉබාගාතේ යන පුද්ගලයන් වූයේ 10%ක් පමණක් බව කියැවෙයි. ඉතිරි සියල්ලන්ම බලහත්කාරයෙන් එහි රැගෙන එන කුඩා දරුවන්, අබ්බගාත පුද්ගලයන්, මහල්ලන්, හා වීදි වෙළෙන්දන් වැනි අයය. හැන්ව එම Brother’s Home රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණේද එවැනි නිලධාරීන් විසිනි. මව නොමැති පවුලක දරු දෙදෙනා වූ හැන් සහ ඔහුගේ නැගණිය ඔවුන්ගේ පියා විසින් නගරයේ පොලිස් ස්ථානයක රඳවනු ලැබුවේ නගරයේදී කරගන්නට තිබුණු කටයුතු කිහිපයක් නිම කර ගන්නා තුරු මේ දරු දෙදෙනා රඳවන්නට වෙනත් ආරක්ෂිත ස්ථානයක් නැති හෙයිනි.

එහෙත් ආරක්ෂාව වෙනුවට ඔවුන් පත් වූයේ අන්තරාවකටය. හැන්වත් ඔහුගේ සොයුරියවත් වහාම Brother’s Home වෙත යවනු ලැබිණ. ”තාත්තා අපිව ටික වෙලාවකට තියලා ගියේ.. අපිව එක්කගෙන යන්න තාත්තා එනවා..” තමාව ගෙන යන්නේ කොහිදැයි නොදන්නා නිසා බියපත් වූ හැන් හ`ඩන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ ඝෝෂාව වැඩි යැයි කියමින් ඔවුන් දෙදෙනාට දරුණු ලෙස පහර කන්නට සිදු විය. මේ සියල්ල ඇරඹෙන විට හැන්ගේ වයස අවුරුදු අටකි.

දකුණු කොරියාවට කළු පැල්ලමක් වූ භීතියේ නිවහන

”ඒගොල්ලො මට කොච්චර දරුණු විදිහට පහර දුන්නද කිව්වොත් මගේ මුළු මූණම ලේ වලින් නෑවිලා ගියා.” හැන් කීවේය. ”දවස් තුනක් යනකල් මට කෑම කන්නවත් බැරි වුණා. ඒත් පහර දීම් නම් නැවතුණේ නෑ. ජීවිතය බේරගන්න ඕන නම් මේ සේරම දරාගෙන ඉන්න ඕන කියල මට වැටහෙන්න පටන් ගත්තා. මං ඒ පරිසරයට හුරු වෙන්න පටන් ගත්තා..” මේ රැඳවුම් නිවාස වලට ගෙන එන අය සඳහා යෝජිත සැලසුම වී තිබුණේ වසරක කාලයක් මේ පුද්ගලයන්ව නඩත්තු කර, පුහුණු කර සමාජයට මුදාහැරීම වුවත්, මේ රැඳවුම් නිවාසවල බිත්ති අතර සිදු වූයේ නින්දිත හිංසනයන් ය. ඒ නිසාම මේ නිවාස House of Horror හෙවත් භීතියේ නිවහන යනුවෙන් ප‍්‍රකට විය. රැුඳවුම් නිවාසයේ සිටි ආරක්ෂක නිලධාරීන් සමූහ වශයෙන් එකතු වී පොලූ මුගුරු වලින් පහර දීම ද, ජල හිංසනයන් ද, දරුණු ලිංගික වධ හිංසාවන් ද නිරන්තරයෙන් සිදුවුණු බව හැන් විස්තර කරයි. එපමණක් නොව වරප‍්‍රසාද ලත් වැඩිමල් රුඳවියන්ගෙන් ද ඔවුන්ට අනන්ත ගැහැට විඳින්නට සිදුවූ බව ඔහු කියයි. ”උදේ ඇස් ඇරපු වෙලාවෙ ඉඳන් නින්දට යනකල්ම මේ හිංසාවන්ට මූණ දෙන්න සිදු වුණා. අද මට හිංසා කරනවා නම් හෙට තවත් කෙනකුට.. කාටවත් මේ පීඩාවන්ගෙන් බේරිලා ඉන්න නම් බැරි වුණා..”

ඇතැමුන්ට නම් හෙටක් කියා දවසක් තිබුණේද නැත. ”සතියකට දවසක් අපිව පල්ලියටයි කන්ද මුදුනටයි එක්කගෙන ගියා..” හැන් පවසයි. ”කන්ද මුදුනේ තියෙන පල්ලිය පිටිපස්සෙ සොහොන් බිමක් තිබුණා. ඒ සොහොන්බිමේ හැමදාමත් අලූතින් හාරලා ගොඩ කරපු, නමක් ගමක් සදහන් නොවුණ මිනී වළවල් තිබුණා.”

ඔහු සමග උන් රැුඳවියන් හතර දෙනකුවම පහර දී මරා දමන අයුරු හැන් දෑසින්ම දැක තිබිණ. ඒ මතකය තවමත් ඔහුගේ සිත්හි හොල්මන් කරයි. ”ඒ විදිහට මරා දැමුණේ ඒ හතර දෙනා විතරක් නෙවෙයි. සෑහෙන ගාණක් ඒ විදිහට මැරුණා..” මෙම රැුඳවුම් නිවාසය සැබෑම වධ කඳවුරක් වූ බවත්, එතැනින් නොනැවතී එහි උන් රැුඳවියන්ව විවිධ ගොඩනැ`ගිලි ඉදිකිරීම් ස්ථාන, ගොවිපළවල් හා කර්මාන්තශාලාවල වැටුප් රහිත වහල් කම්කරුවන් ලෙස බලහත්කාරයෙන් භාවිතා කළ බවත් එහි උන් රැුඳවියන්ගේ සාක්ෂි ඇසුරින් කියැවිණ. මේ සියලූ දෙනාම අමානුෂික වධ හිංසාවන්ට ලක් වූ බවත්, ¥ෂණයට ලක් වූ බවත් ඔවූහු පැවසූහ. මෙසේ හිංසාවන්ට ලක්වීමෙන් හා නිසි ආහාරපාන නොලැබීමෙන් මෙම වධ කඳවුරු තුළ මියගිය රැුඳවියන් සංඛ්‍යාව 500 කට අධික වෙතැයි කියැවෙයි.

බ‍්‍රදර්ස් හෝම් රැුඳවුම් නිවාසයේ සිදුවන අමානුෂික ක‍්‍රියාවන් වළකාලන්නට දැඩි කැපවීමක් කළ තරුණ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු වූ කිම් යොන්ග් වොන් පවසන්නේ රැුඳවියන් විසින් පවසන මේ සියලූ කාරණා සත්‍ය වන බව තමා සියැසින් දුටු වගය. ”දවසක් දා මං කුරුලූ දඩයමේ යනකොට, අපිළිවෙළ කිළිටි ඇඳුම් ඇඳගත්ත මිනිස්සු වගයක් වැඩ කරමින් ඉන්නවා දැක්කා. පොලූ මුගුරු අත තියාගත්ත මුර සෙබළුන් ඔවුන්ව අධීක්ෂණය කරමින් හිටියා..” කිම් යොන්ග් පවසයි. ”මම මේ දකින්නේ දරුණු අපරාධයක් කියලා මට හැෙ`ගන්න පටන් ගත්තා. මම තවදුරටත් ඒ ගැන කරුණු ගවේෂණය කරන්න පෙළඹුණේ ඒ හින්දාමයි..”

මේ පිළිබඳ කරුණු ගවේෂණය කළ කිම් යොන්ග් ඇතුළු පිරිසට දැනගන්නට ලැබුණේ, බලහත්කාරයෙන් රඳවාගෙන, අමානුෂික වධ හිංසා වලට ලක් කෙරෙන දහස් ගණනක් මේ රැුඳවුම් නිවාස වල සිටින බවය. ”එය සුබසාධන රැුඳවුම් නිවාසයක් නෙවෙයි. මුළුමනින්ම වධ කඳවුරක්.. ඔවුන්ට බාහිර ලෝකය සමග කිසිම සම්බන්ධතාවයක් තියාගන්න ඉඩ ලැබිල නෑ. මේ කඳවුර ඇතුළත රෝහල් වාට්ටුවක් පවා තිබුණා. ඒත් ඒ රෝහල් වාට්ටුව රෝගීන්ට ප‍්‍රතිකාර කෙරෙන වාට්ටුවක් නෙවෙයි. රෝගී වුණු අයව එකට ගාල් කරලා අගුළු දාලා තියන තැනක් විතරයි..”

බ‍්‍රදර්ස් හෝම් රැුඳවුම් නිවාසයේ හිමිකරු වූ පාර්ක් ඉන් ගුවෙන් බලවත් මිනිසකු බව කිම් පවසයි. පාර්ක් ඉන් ගුවෙන්ට සමාජ සේවා සඳහා වූ රාජ්‍ය සම්මාන පදක්කම් දෙකක්ම හිමිවී තිබුණු අතර, බොහෝ බලවත් පුද්ගලයන් සමග ඔහුට දැන හැඳුනුම්කම් ද තිබිණ. ඒ නිසාම ”බ‍්‍රදර්ස් හෝම්” පිළිබඳව ගවේෂණය කිරීම පහසු දෙයක් වූයේ නැත. ඒ පිලිබඳව වගකිව යුතු තැන් වලට පැමිණිලි කෙරුණ ද, නීතිමය කටයුතු ඉදිරියට ගෙන යෑමේදී එයට දැඩි බලපෑම් එල්ල විය. අවසානයේදී පාර්ක් ඉන් ගුවෙන්ට සුළු චෝදනා යටතේ වසර දෙකහමාරක සිර දඩුවමක් නියම වූව ද ඔහු එයින්ද නිදහස් විය.

මේ පිළිබඳව, මේ අපරාධයේ වින්දිතයන් ඉල්ලා සිටි ආකාරයේ විනිවිදභාවයෙන් යුතු සාධාරණ තීන්දුවක් නොලැබුණේ ඇයිදැයි සී එන් එන් පුවත් අඩවිය විසින් කළ විමසීමකදී දකුණු කොරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඊට දුන් පිළිතුර වනුයේ ”ඒ අතීත කාරණාවන් ඉතාමත්ම සංකීර්ණ වන නිසා ඒ පිළිබඳව ගවේෂණය කරන්නට විශේෂ කමිටුවක් පත් කරන්නට සිදු වෙනවා.” යන්න පමණකි. කෙසේ වුවත් 1998 අවුරුද්දේදී ”බ‍්‍රදර්ස් හෝම්” රැුඳවුම් නිවාසය වසා දැමුණු අතර එහි ඉතිරිව උන් රැුඳවියන් කිසිදු සැලකීමකින් තොරව සමාජයට මුදා හැරිණ. හැන්, හැන්ගේ නැගණිය හා පියාත් මෙසේ මුදා හැරුණු රැුඳවියන් අතර වූහ. එහෙත් මුදා හැරුණු පසුව ඔවුන්ගේ ජීවිත යළිත් යථා තත්ත්වයට පත් වූයේ නම් නැත. වධ කදවුරේදී මුහුණ දෙන්නට වූ අත්දැකීම් නිසා විඳි මානසික කම්පනය හේතුවෙන් හැන්ගේ සොයුරියත්, පියාත් සදාකාලික මානසික ආබාධිතයින් බවට පත් වූහ. වරින් වර මානසික රෝහල් වල නැවතෙමින් ප‍්‍රතිකාර ගන්නට ඔවුන්ට සිදු විය. මේ වන විටත් හැන් සිය පවුලේ අයත් සමග මානසික රෝහලක් සමීපයේම පදිංචිව සිටින්නේ ඔවුන්ට ඉතිරි කළ සදාකාලික මානසික කම්පනයට ප‍්‍රතිකාර ගන්නට පහසු වනු පිණිසය.

නිදහස් වීමෙන් පසුවත් අවාසනාවන්ත ජීවිතයක් හිමි වූයේ හැන්ට සහ ඔහුගේ පවුලේ අයට පමණක් නොවේ. මෙකී වධ කඳවුරු වල රඳවා සිටි අයගෙන් බහුතරයකට නිදහස් වූ පසුව ද සමාජ පිළිගැනීමක් ලැබුණේ නැත. කඳවුරු තුළදී පමණක් නොව, එයින් පිටතදී ද ඔවුන්ට ලැබුණේ මනුෂ්‍ය ප‍්‍රාණීන්ට ලැබෙන සැලකුම් නොවේ. ඒ හේතුවෙන්ම බොහෝ අයගේ ජීවිත සදාකාලිකවම විනාශ විය. ඇතැමුන් සිය දිවි හානි කරගන්නට පවා පෙළඹුණු බව වාර්තා වෙයි. තම ජීවිත වලට සිදුවුණු මේ අසාධාරණයට දැන්වත් සාධාරණයක් ඉටු වෙතැයි හැන් මෙන්ම මේ අපරාධයේ අනෙක් වින්දිතයෝ ද බලාපොරොත්තු වෙති. එහෙත් දකුණු කොරියානු ඉතිහාසයට සදාකාලික අවමානයක්, කළු පැල්ලමක් ඉතිරි කළ ”බ‍්‍රදර්ස් හෝම්” හෙවත් ”භීතියේ නිවහන” පිළිබඳව සාධාරණය ඉටු කරන්නට වර්තමාන දකුණු කොරියානු රජයට වුවද උනන්දුවක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment