දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක පිපිරීමකින් 07ක් මරුට

140

දකුණු කොරියාවේ ‘ඩෙගු’ නගරයේ පිහිටි නීති ආයතනයකට අයත් ගොඩනැගිල්ලක ඊයේ (09දා) හටගත් හදිසි පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 07 දෙනකු මියගොස් තවත් 46 දෙනකු තුවාල ලබා ඇත. කාර්යාල ගොඩනැගිල්ලේ හටගත් පිපිරීමට මුල් වූ හේතුව සෙවීම සඳහා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව පොලිසිය පවසයි.

මෙම පිපිරීම පිටුපස සිටින අපරාධකරු ලෙස සැක කෙරෙන වයස අවුරුදු 50 ගණනක් වන පුද්ගලයෙකුද අදාළ පිපිරීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. කාර්යාල ගොඩනැගිල්ලේ සිදු වූ පිපිරීමත් සමගම හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන හමුදා භටයන් 150කට අධික සංඛ්‍යාවක් කැඳවීමට සිදුව ඇති අතර එම ගින්න විනාඩි 20ක කාලයක් තුළදී නිවා දැමීමට ඔවුහු පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment