දකුණු චීන මුහුදට වැටුණ ඇමෙරිකානු එෆ් 35 යානාව ගොඩගනියි

1240

ඇමෙරිකාවේ ගුවන් යානා ප‍්‍රවාහන කාල්විල්සන් නෞකාවෙන් මුහුදට වැටුණ අධිතාක්‍ෂණික එෆ් 35 වර්ගයේ ප‍්‍රහාරක යානාව ගොඩගැනීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාව දැඩි උත්සාහයක යෙදී ඇත.

මෙම යානාව වැටී ඇත්තේ දකුණු චීන මුහුදටය. ස්ටෙල්ත් වර්ගයේ එෆ් 35 යානාවේ නියමුවා හෙලිකොප්ටර් යානාවක් මගින් බේරාගෙන තිබේ. මෙය චීනය විසින් ගොඩගෙන එහි රහස් ලබාගැනීමට ඉඩ ඇතැයි ඇමෙරිකාව සැකකරයි. රේඩාරයට අසුනොවන මේ ප‍්‍රහාරක යානාව පස්වැනි පරපුරේ යානාවක් ලෙස හැඳින්වේ.

සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment