දකුණේ ඒටීඑම් යන්ත්‍ර සුද්ද කළ IP ඇතුළු 5 දෙනා රිමාන්ඩ්

374

දකුණු පළාතේ රාජ්‍ය බැංකු තුනක ඒ ටී එම් යන්ත්‍රවලින් ඉතා සූක්ෂ්ම ලෙස රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයන් දෙදෙනකු, මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මෙම මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බද්දේගම ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. පී. ජී. ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බල්ගේරියානු ජාතික ජොර්ජ්සිස් අයිවනොර්, කැනඩා ජාතික ජෝර්ජ් ආතටන්, මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක අංජාන ද සිල්වා, දෙහිවල පදිංචි ආදම් ලෙබ්බේ යතිර් සහ පැලවත්ත බත්තරමුල්ල පදිංචි අනුර කුමාර ජයරත්න නමැති පුද්ගලයන්ය.

දකුණේ ඒටීඑම් යන්ත්‍ර සුද්ද කළ IP ඇතුළු 5 දෙනා රිමාන්ඩ්

මෙම සැකකරුවන් පස්දෙනා පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ (10 දා) අලුයම බද්දේගම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර විදේශිකයන් දෙදෙනා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකදී ද පොලිස් පරීක්‍ෂකවරයා පිටිගල අමුගොඩ ප්‍රදේශයේදී ද අනෙක් සැකකරුවන් දෙදෙනා ඇල්පිටය හා මීගමුව ප්‍රදේශවලදී ද අත්අඩංගුවට ගෙන තිබුණි.

හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ ටී එම් යන්ත්‍රයෙන් ඉකුත් 30 වැනිදා අලුයම 1.30 ට පමණ එහි තිබූ සී සී ටී වී කැමරාව වසා වංචනික ලෙස රුපියල් හතළිස් හයලක්ෂ අසූදහසක මුදලක් ලබාගෙන තිබුණි. ඉන්පසුව ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි ඒ ටී එම් යන්ත්‍රයෙන් ව්‍යාජ ලෙස රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක්ද, බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ ටී එම් යන්ත්‍රය ඇති කුටිය වෙත එදින අලුයම 4.00 ට පැමිණ රුපියල් ලක්ෂ 57 ක්ද වංචනික ලෙස ලබාගෙන තිබුණි.

යක්කලමුල්ල ජේ. කේ. එල්. චාමින්ද සහ උඩුගම රවි ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment