දකුණේ පාසල් සිසුන් 148කට ගුරුවරුන් 78කට කොරෝනා

261

දකුණු පළාතේ පාසල් සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට මේවනවිට කොරෝනා ආසාදනයවී ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් එදිරිසිංහ මහතා පැවසීය.

ආසාදිත වැඩිම සිසුන් සහ ගුරුවරුන් වාර්තා වන්නේ හම්බන්තොට සහ ඇල්පිටිය කලාපවලින් බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක‍්‍රියාකිරීම නිසා පළාතේ එකම පාසලක්වත් වසා දැමීමට අවශ්‍ය නොවූ බවත් එහෙත් නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් ආසාදිතවීම නිසා ඇල්පිටිය ප‍්‍රදේශයේ පුද්ගලික පාසලක් පමණක් වසා දැමූ බවත් ඒ මහතා පැවසීය.

පළාතේ සිසුන් පන් ලක්ෂයට අධික සංඛ්‍යාවක් සිටින අතර 6,7,8,9 ශේණි හැර මේ වනවිට සිසුන්ගේ පැමිණීම සියයට හැටක් බවද ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූවක් බවද විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට අනූවක් බවද නිමල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment