දකුණේ වෙඩි තැබීම්  රැල්ලේ තවත් බිල්ලක් – විශ්‍රාමික හමුදා සෙබළා මරුට

726

ඇල්පිටිය නියාගම තල්ගස්වල පබළුව හන්දියේදී ඊයේ රාත්‍රී (04) පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව නියාගම පොලිසිය කියයි.

මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ බඹරවාන ගෙදර නියාගම තල්ගස්වල පදිංචි විශ්‍රාමික හමුදා සෙබලළෙකු වූ කේ.එල්.  රංග ප්‍රසන්න නමැති තිස් දෙහැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. වෙඩි තැබීමෙන් පසු බරපතළ තුවාල ලබා නියාගම මූලික රෝහලට ඇතුළත් කර ඇල්පිටිය රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු  මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. මියගිය රංග ප්‍රසන්න යන අය ඡායාරූපයේ දැක්වේ..

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment