දකුණේ හිටපු මන්ත‍්‍රී සංසදයේ සහාය බැසිල්ට

161

කොරෝනා වසංගතය අස්සේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ කියැවෙන කථාන්දර මේ වනවිට දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. මේ පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් නොයෙකුත් කථා කියනු අසන්ට ලැබේ. මේ අතර දකුණු පළාත් සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්තී‍්‍ර සංසදයේ රැුස්වීම දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ. සෝමවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී රැුස්විය. හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී චම්ලි විතානාච්චි මහතා විසින් මෙකී රැුස්වීම කැඳවා තිබුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළකිරීමේ ප‍්‍රධාන ආරමුණ ඇතිවය. ‘‘මේ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ගොස් ආර්ථික සංවර්ධන කටයුතුවලට අදාළ ඇමැතිකමක් ලබාගෙන සක‍්‍රීය ලෙස රජයේ කටයුතුවලට දායකවිය යුතුයි. එතුමා එළියේ සිට කරනු ලබන කාර්ය පාර්ලිමේන්තුවට ඇවිත් කරනවිට විශාල ශක්තියක් රජයට ලැබෙනවා’’ චම්ලි විතානාච්චි හිටපු මන්ත‍්‍රීවරයා කීවේය.

දකුණේ හිටපු මන්ත‍්‍රී සංසදයේ සහාය බැසිල්ට

‘‘ඇත්තට ම මේ අවස්ථාවේ රට ම ඉලන්නේ බැසිල් ඇමැතිතුමා. එතුමා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැතිකමක් අරගෙන කටයුතු කළ යුතුයි කියන මතයේ තමයි ගොඩක් අය ඉන්නේ. එතුමා පළාත් සභා සක‍්‍රීය කරන්න අවශ්‍ය කටයුතු කළා. ඒ ගැන උනන්දු වුණා. නමුත් සුළු පක්ෂවල තිබූ ගැටලූ හා කොරෝනා ප‍්‍රශ්නය නිසා ඒවා  කල්ගියා. බැසිල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවානම් එය රජයට විශාල ශක්තියක්’’ සභාපති කේ.ඒ. සෝමවංශ මහතා කීවේය. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමාට සහාය පළකොට මන්තී‍්‍ර සංසදය විසින් මෙහිදී යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය. මේ පිළිබඳ ජනාධිපතිවරයා වෙත හා අගමැතිවරයා වෙත දන්වා යැවීමට ද කටයුතු කරණු ලැබීය.
 
 හිටපු මන්ත‍්‍රීවරු තනතුරු ඉල්ලති
 
 මේ අතර පළාත් සභා මගින් පාලනයවන අධිකාරිවල සභාපති ධුරයන් භාර ගැනීමට දකුණු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. වත්මන් රජය බලයට පත්වීමත් සමග පළාත් සභාව මගින් පාලනය වූ අධිකාරි සඳහා නව සභාපතිවරු පත්කිරීමට කටයුතු කරණු ලැබීය. දකුණු පළාත් සභාව මගින් පාලනයවන අධිකාරි සඳහා පත්කරනු ලැබූ අය හිටපු මන්ත‍්‍රීවරු නොවන පුද්ගලයින්ය. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය, දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය හා පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය , දකුණු පළාත් සභාව මගින් පාලනය වේ. දකුණු පළාතේ පමණයි මෙම තනතුරු සඳහා හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු පත්නොකළේ. අනික් පළාත් සභාවල අධිකාරි සඳහා හිටපු පළාත් සභා මන්ත‍්‍රිවරු පත්කළා. ඒ නිසා දකුණු පළාතේ හිටපු මන්ත‍්‍රිවරු 05 දෙනකු මෙකී අධිකාරිවල සභාපති ධුරවලට පත් කළ යුතු බවට වූ යෝජනාවක් ද මන්තී‍්‍ර සංසදයේ රැුස්වීමට ඉදිරිපත් වූ අතර එම යෝජනාවද ඒකමතිකව සම්මත විය. මේ ගැන අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද හිටපු මන්ත‍්‍රීවරු කථිකා කරගනු ලැබීය. මේ ආරංචිය දැනට අධිකාරිවල සභාපතිධුරයන් දරන සභාපතිවරුන්ට ද ආරංචි වී තිබුණි. ඔවුන් එක් රැුස්වී මේ පිළිබඳ ඉදිරියේ දී ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡුාකොට ඇති බවද දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි. මේ අතර හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් සඳහා සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ලක්ෂ 25 ක මුදලක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් වෙන්කොට දී ඇත.
 
 රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ගැටලූ
 
 මේ අතර හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු හා අගමැතිවරයා අතර සාකච්ඡුාවක් පැවැති අතර මෙහිදී රජයේ සංවර්ධන ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ඇතිවී තිබෙන ගැටලූ පිළිබඳ හිටපු මන්ත‍්‍රීවරු අගමැතිවරයා වෙත කරුණු පෙන්වා දුන්හ. රජයේ සංවර්ධන ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ඒවා අධීක්ෂණය කිරීමේ වගකීම දැනට සංවර්ධන කමිටුවල උපසභාපතිධුර දරන මන්ත‍්‍රීවරුන් වෙත ලබාදිය යුතු බවට යෝජනාවක් අගමැතිවරයා වෙත ඉදිරිපත් කරණු ලැබීය. ‘‘රජයේ පරිපාලන හා සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමේ දී සියයට 60 ක් ක‍්‍රියාත්මක වන්නේ පළාත් සභා මගින්. කෘෂිකර්ම විෂය ගතහොත් සියයට 60ක් පළාත් සභා විෂය පථයට අයත්. පළාත් සභා ක‍්‍රියාත්මක නොවන නිසා රජයේ සංවර්ධන හා ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ දී ගැටලූ තියෙනවා. මන්තී‍්‍රවරුන්ගේ කාර්ය භාර්ය ඉෂ්ට වන්නේ නැහැ’’, මෙහිදී හිටපු මන්ත‍්‍රීවරු අගමැතිවරයා වෙත පෙන්වා දුන්හ.
 
 දකුණේ සමුපාකාර සේවකයින්ට විශ‍්‍රාම වැටුපක්
 
 පළාත් සභා පිළිබඳ මේ අයුරින් විවිධ මාතෘකා කරළියට පැමිණිය ද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා දිවා රාත‍්‍රි වෙහෙසෙමින් නිලධාරීන් මෙහෙයවමින් කටයුතු කරන්නේය. මේ දිනවල දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පළාත් පාලන ආයතන සම්බන්ධකර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් ඇත්තේය. කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන සුළු පරිමාණ ගොවීන් හමුවෙමින් ඔවුන් දිරිගැන්වීමට ද ආණ්ඩුකාරයා මේ දිනවල කටයුතු කරමින් සිටින්නේය. මේ අතර දකුණු පළාතේ සමුපාකාර සේවකයින් සඳහා විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම සඳහා දකුණු පළාත් සභාවේ හිටපු ජේ්‍යෂ්ඨ ඇමැතිවරයකු වන දිවංගත හිටපු ඇමැති යූ.ජී.ඞී. ආරියතිලක මහතා කටයුතු කරණු ලැබීය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රඥප්තිය පළාත් සභාවට ඉදිරිපත්කොට අනුමත කරගැනීමට ද හිටපු ඇමැතිවරයා කටයුතු කරණු ලැබීය. වත්මන් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙමින් එය යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරණු ලැබීය. සමුපකාර සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ලබාදීමේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතගේ ප‍්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. මෙකී උත්සවයේ දී උත්සව සභාව ඇමතූ නිලධාරීන් දිවංගත හිටපු ඇමැතිවරයා ගැන වචනයක් හෝ කථා කළේ නැත. එහෙත් ආණ්ඩුකාරවරයා තම කථාව ආරම්භ කළේ දිවංගත හිටපු ඇමැතිවරයා ගැන සඳහන් කරමින්ය.
 
 කොරෝනා හා විරෝධතා
 
 පොහොර ගැටලූව ඉන්ධන මිල වැඩිවීම හා ජීවන වියදම ඉහළ යෑම පිළිබඳ මේ වනවිට තැනින් තැන විරෝධතා ඇතිවී තිබේ. මෙකී ගැටලූ මුල්කරගෙන රටපුරා විරෝධතා රැුල්ලක් නිර්මාණය වෙමින් පවතී. ජ.වි.පේ. හා සමගි ජන බලවේගය තරගයට මෙන් විරෝධතා සංවිධානය කරයි. මේ අතර ගාල්ල මහ නගර සභවේ හිටපු එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්් ද ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව පාපැදිවල නැඟී පසුගියදා ගාල්ල මහ නගර සභා රැුස්වීමට සහභාගිවීම සඳහා පැමිණියහ. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා පොහොට්ටුව නියෝජනය කරන අතර උප නගරාධිපතිවරයා එ.ජා.ප.ය නියෝජනය කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගාල්ල මහ නගර සභාවේ පාලන බලය පවත්වාගෙන යන්නේ එ.ජා.ප. මන්ත‍්‍රිවරු පිරිසකගේ සහයෝගය ඇතිවය. ඉන්ධන මිල වැඩිවීම ඇතුළු ජීවන වියදම වැඩිවීමට එ.ජා.ප. මන්ත‍්‍රිවරුන් විරෝධය ප‍්‍රකාශ කළ ද නගර සභාව තුළ මේ අය එකට එකතුවී ඉතා සහයෝගයෙන් කටයුතු කරති. ‘‘මේ අය බොරුවටනේ විරෝධය දක්වන්නේ’’, එ.ජා.ප. නාගරික මන්තී‍්‍රවරුන්ගේ විරෝධය පිළිබඳ පොහොට්ටුවේ මන්ත‍්‍රීවරයකු කීවේය.
 
 ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment