දඩයක්කරුවෙකුට සතුන් මරන්න තන්තිරිමලය කොස්තාපල් රාජකාරි ගිනි අවිය ලබාදීලා

90

වැලි මුව මස් සමග දඩයක්කරුයි රාලහාමියි අත්අඩංගුවට

තන්තිරිමලය පොලීසියේ කොස්තාපල්වරයෙකු ලබා දුන් ගිනි අවියකින් විල්පත්තුව වනෝද්‍යානය ආසන්නයේ දී වැලි මුවෙකු දඬයම් කර එම සත්වයාගේ මස් තොගයක් ළ`ඟ තබාගෙන සිටි පුද්ගලයෙකු, ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග වනජීවී අංශ නිලධාරීන් විසින් පෙරේදා (1දා) අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර එම ගිනිඅවිය ලබාදුන් තන්තිරිමලය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (2දා) අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා තන්තිරිමලය පොලිසියට අනුයුක්තව සේවය කරන විලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුව මස් සහ ටී 56 ගිනි අවිය, මැගසිනය සමග මීට පෙර වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයාද විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේම පදිංචිකරුවෙකි.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු පළාගිය බවද වන ජීවී අංශ පවසයි.

මැරීම තහනම් කර ඇති සත්වයකු වන වැලි මුවා වෙඩි තබා ඝාතනය කර මස් ළඟ තබා ගත් පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය තන්තිරිමලය පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුගේ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට ගෙදර ගත් බව වනජීවී අංශය පවසයි.

ගිනි අවිය ලබා දුන් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශනයක් කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත තන්තිරිමලය භාර සහකාර පොලිස් අධිකාරී ඩී.පී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මහවිලච්චිය පොලිසියට උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව වැඩි විමර්ශනය මෙහෙයවා සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ වන ජීවිය අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

විල්පත්තුව වනජීවී කාර්යාලයේ වන සත්ව නියාමක ධනුෂ්ක උදයංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීමක් සිදු කර මස් තොගය සා ගිනි අවිය සමග සමග පළමු සැකකරු අත්අඩංගුවට ගත්හ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහවිලච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment