දඩයමක අවසානය සොයා… දඩ ඉම

312

එදා ප්‍රියංකර ජයනාත් දඩයම ජයගෙන නීතියෙන් සැඟවී පළාගියත්, මියගිය රත්මලී කැකුණවලගේ උස්මහත් වන පුතු වූ රවිනාත්, ජයනාත් සොයා එන්නේ දඩබිම යළිත් සක්‍රීය කරවීමේ අරමුණෙනි. ප්‍රවීණ සිනමාකරු වසන්ත ඔබේසේකරයන් 80 දශකයේ දී තිරයට ගෙන ආ “දඩයම” චිත්‍රපටයේ දිගුවක් ලෙසින්, පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව “දඩඉම” නුදුරේදීම තිරගතවීමට නියමිතව ඇත.

දඩයමක අවසානය සොයා… දඩ ඉම

ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇත්තනී, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්ධර, මරියෝන් වෙත්තසිංහ, දිල්මින් පෙරේරා, දයා තෙන්නකෝන්, චන්ද්‍රසෝම බිංදුහේවා, නයනා හෙට්ටිආරච්චි, චින්තක වාස්, අරුන් ඩයස් බණ්ඩාරනායක, රාජසිංහ ලෝලුවාගොඩ, නදීක ගුරුගේ, කේ. එස්. ටී. පෙරේරා, නිමල් රත්නායක, රුවනි විජේසිංහ, රීටා මාන්, නුවන් විජේසුන්දර, ඩයස් සිරිකුමාර, මේකලා කෞමදී, එන්. වී. අතුල, දිල්රුක්ෂි වීරපරාක්‍රම, අනුෂ්කා උදයංගනී, නවෝදා අංජලී, ජයතු පීරිස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වන අතර,

දඩයමක අවසානය සොයා… දඩ ඉම

මෙහි කතා සංකල්පය, තිර රචනය, කලා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණයෙන් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා ද තිර රචනා විධායක සමීක්ෂණයෙන් ජැක්සන් ඇන්තනී ද නිෂ්පාදනයෙන් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා සමඟින් වෛද්‍ය නිෂානි ප්‍රනාන්දු, සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර සමග රචී ෆ්රෑන්ක් ද කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කොස්තා, කැමරා සහයෙන් මුදිත විතාන, දිලංග දෙනුශාන්, ලහිරු ප්‍රසන්න, ජේ. එච්. ඒ. රජිත නුවන්, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් හර්ෂ මංජුල, ශබ්ද පරිපාලනය සහ හඬ පටිගත කිරීමෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, නිෂ්පාදන කළමනාකරණයෙන් වෛද්‍ය නිශානි ප්‍රනාන්දු සමග ඩොරින් ප්‍රනාන්දු ද, නිෂ්චල ඡායාරූපකරණයෙන් දිලිනි ද සිල්වා, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ, ගී පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, ගීත ගායනයෙන් නදීක ගුරුගේ, දිලිකා අබේසේකර, රිනී ද සිල්වා ද මේ සඳහා දායකත්වය දක්වා ඇත.

දඩයමක අවසානය සොයා… දඩ ඉම

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment