දඩයමේ ගිය තරුණයින් ගිනි අවි සමග මාට්ටු

179

තබ්බෝව අභය භුමියට ආසන්න පාවට්ටාමඩුව ප්‍රදේශයේ සතුත් දඩයම් කිරීමට ගිය තරුණයින් තිදෙනෙකු ගිනි අවි හා යතුරුපැදි දෙකක් සමග කරුවලගස්වැව වනජීවි නිළධාරින් විසින් අද (18* පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
තබ්බෝව හා පාවට්ටාමඩුව ප්‍රදේශ වල පදිංචි තිදෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරුවන් 18 වෙනි දින අලුයම බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා වායු රයිපලයක් රැගෙන යතුරු පැදි දෙකක නැගි දඩයමේ යමින් සිටියදී වන අලි පලවා හැරිමේ නිරත වි සිටි වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ජීව පතොරමක්ලඊයම් තොගයක් විදුලි පන්දම් තුනක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment