දඩයමේ යන්න හැදූ තිදෙනා රණ්ඩු වී අයෙකු වෙඩි තබා මරලා

74

මන්නාරම මඩු තච්චනාමරදමඩු ගම්මානයේදී වයස අවුරුදු තිස් එකක තරුණයෙකු 25 දා වෙඩි තබා ඝාතනය කොට තිබේ.

මේ තරුණයා සමග තවත් පුද්ගලයින් තුන් දෙනෙකු දඩයමේ යාමට සූදානම් වූ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම නිසා කෝපයට පත් වූ අයෙක් මෙම තරුණයාට වෙඩි තබා ඇත.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඒකම්බරම් සුකීර්තන් හෙවත් චින්නා නමැති අයෙකි. වෙඩි තැබීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මුලින්ම මන්නාරමේ පෙරියපණ්ඩිවිච්චාන් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් අනතුරුව මන්නාරම රෝහලටද යාපනය ශික්ෂණ රෝහලටද මාරු කොට ඇතත් යාපනය ශික්ෂණ රෝහලේදී ඔහු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පණ්ඩිවිරිච්චාන් පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment