දඩයම නතර කර නීතිය හා  ක්‍රමය ස්ථාපිත කිරීමට  පමණක් බලය යොදන්න අරගලකරුවෝ ඉල්ලති

174

අරගලකරුවන් දඩයම් කිරීම වහා නවතා රටේ නීතිය හා ක්‍රමය ස්ථාපිත කිරීමට පමණක් තම බලය නිසියාකාරව භාවිත කරන මෙන් වැඩබලන ජනාධිපතිවරයාගෙන්, පොලිස්පතිවරයාගෙන් සහ සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සර්වපාක්‍ෂික අරගලකරුවන් විසින් ඊයේ (18දා) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මහජන අරගලය මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පනවා ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන ආරක්‍ෂාව පිළිබඳ වගන්තිවලට මුවා වී මහජනයාගේ අයිතීන් සීමා කිරීම වැනි රාජපක්‍ෂ පන්නයේ බියගුලු තීරණ හෙළා දකින බවත්, සියලු පක්‍ෂ බෙදී වෙන්නොවී පොදු සන්ධාන ගතවීමකට එක් වී සර්වපාක්‍ෂික ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් පත්කර ගැනීමට ක්‍රියාත්මක විය යුතු බවට බලකර සිටින බවත් සර්වපාක්‍ෂික අරගලකරුවන් විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment