දණ නොනැමීම ගැන ඩිකොක් සමාව ගනියි

608

වර්ගවාදයට එරෙහි වන බවට අභිනයෙන් දැක්වීමට අකමැති වූ දකුණු අප‍්‍රිකානු කඩුලූ රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඩි කොක් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් සහ රසිකයින්ගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබේ.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ‘කළු ජීවිතත් වැදගත්’ හෙවත් වර්ගවාදයට එරෙහිවන බවට දණ නමා අභිනයෙන් දැක්වීමට අකමැත්ත පළ කරමින් ඩිකොක් තරගයෙන් ඉවත් විය.

ඒ පිළිබඳව සමාව අයැද සිටින ඩිකොක් තමාට රට වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම තරම් වෙනත් දෙයක් නොවටින බව කියා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ඩිකොක් ‘ජාතිවාදයට එරෙහිව නැගී සිටීමේ වැදගත්කම මට වැටහෙනවා. ක‍්‍රීඩකයින් වශයෙන් අපි ආදර්ශයක් දීමේ වගකීමත් මට තේරෙනවා. දණහිස නමා වර්ගවාදයට එරෙහිවීම, අන් අයව දැනුවත් කිරීමට සහ අන් අයගේ ජීවිත යහපත් කිරීමට උපකාරී වේ නම් මම එසේ කිරීමෙන් වඩා සතුටු වෙනවා’යි කියා තිබේ.

ඒ අනුව හෙට (30 වැනිදා)  ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු කාණ්ඩයේ තරගයේදී දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩිකොක් තරග වැදීමට නියමිතව තිබේ.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment