දඬුලේනා ගැන තීරණය කමිටුවකට

256

දඬුලේනා ජාතික සත්වයා ලෙස තබා ගන්නවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත්කර ඇත. 02 – පිටුවට

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු කිහිප දෙනෙක් පත්කළ බව ඇමැතිවරයා පෙරේදා (16 දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වගා හානි සිදුකරන ලයිස්තුවේ දඬුලේනා හා මොනරා ප්‍රධාන ස්ථානයක් ගන්නා බවත් වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමේ කටයුතුවලදී දඬුලේනා ජාතික සත්වයා ලෙස නම්කර තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවත් ඇමැතිවරයා කීය.

දඬුලේනා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයෙක් නොවන බවත් එම සතා ජාතික සත්වයා ලෙස නම් කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ පැහැදිලි නිගමනයක් නොතිබෙන බවත් ඇමැතිවරයා කීය.

දඬුලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවර ගන්නේය යන කාරණය සම්බන්ධව විවිධ පාර්ශ්ව හා සංවිධාන ඉදිරිපත් කරන චෝදනා සැලකිල්ලට ගනිමින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත් මහජනතාවගේ අදහස් හා යෝජනාවලට ඉඩ දෙමින් කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය. දඬුලේනා සිදුකරන වගා හානි නොසලකා එම සතුන් රැක ගැනීමට මහජනතාව කැමති නම් ඊට ඉඩ සලසන බවද ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment