දත්කැක්කුමට සැනිටයිසර් බොන්න දුන් බිරිඳගේ හැඳිමිටේ නුවන

475

‘‘ඒයි… ගෙදර හාල් ඇටයක් නෑ. බුලත් විටේ හප හප ඉඳලා හරියන් නෑ. දරුවන්ට තම්බන්න දෙයක් හොයාගෙන එනවා.’’ කුසුමාවතී සුපුරුදු ආඩපාලිය පටන් ගත්තාය.

සුනිල් කුලීකරුවෙකි. මේ දිනවල වැඩ නැත. කෙරෝනා වසංගතය නිසා කුලී වැඩද නැත.

‘‘යෝදියෙ මම කොහෙන් කියලා සල්ලි හොයන්නද? මේක මගේ කරුමේ. මේ වගේ ගෑණියෙක් ගත්තට වඩා හොඳයි…’’ සුනිල්ට යකා නැග්ගේය.

නිවසෙන් එළියට බැසගත් ඔහු කෙළින්ම ගියේ දුකට සැපට පිහිටට ඉන්න ප‍්‍රභාත් මිතුරා සොයා ගෙනය.

‘‘මචං ලොකු උදව්වක් ඉල්ලගෙන ආවේ. මට රුපියල් දාහක් ණයට දියන්. වැඩක් කරපු ගමන්ම ඒක ආපහු ගෙවලා දාන්නම්.’’

සුනිල්ගේ අසරණකම දැන සිටි ප‍්‍රභාත් දෙවරක් නොසිතා රුපියල් දාහක්, හාල් කිලෝ පහක් සහ පොල් ගෙඩි දෙකක්ද ලබා දුන්නේ කොයිකාටත් මේ දිනවල අඟහිඟකම් තිබෙන බව දන්නා නිසාය.

‘‘ප‍්‍රභාත්, දුවටත් දත් කැක්කුම කියලා කෑ ගගහා ඉන්නවා’’ කියමින් සිය මිතුරාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් සුනිල් යන්නට හැරුණේය.

සුනිල්, මෙන්න මේක දුවට දීපන්’’ කියා දියර බෝතලයක් සුනිල් අත තැබීය.

‘‘යෝදියෙ, බත් ටිකක් උයලා සම්බෝලයක් හදපන්’’ මෙන්න මේක දුවට දෙන්න කියලා ප‍්‍රභාත් උන්නැහැ කිව්වා.

කුසුමාවතී අතට ගත් දියර බෝතලය දෙපාරක් තුන් පාරක් එහෙට මෙහෙට කර එහි තිබූ ඉංග‍්‍රීසි වචන ගළපාගන්නට උත්සහ කළාය.

‘‘මේ මෙන්න මේක බීපන් උඹේ ඔය කැක්කුම නැති වෙලා යයි’’ වේදනාවෙන් මුසපත්ව සිටි දියණියද උගුරු දෙක තුනක් බීගෙන ගියේ දතේ කැක්කුම ඉවසාගත නොහැකි අතරතුරය.

‘‘අම්මේ උගුර පිච්චුණෝ… නහයෙන් කටෙන් දුන් දානවා වගේ’’ යැයි දියණිය කෑගසද්දී එතැනට දුවගෙන ආ සුනිල්ට තරු පෙණිනි.

‘‘යෝදියේ, උඹ මොකක්ද මේ කළේ… මේක බොන්න නෙවෙයි ගෙනාවේ. මේවාට තමයි සැනිටයිසර් කියන්නේ.’’ බිරිඳගේ හැඳි මිටේ නුවණ නිසා අන්තිමට දියණිය වෙද මහත්තයෙක් ළඟට අරගෙන යන්න සුනිල්ට සිදුවුණා.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment