දත් වලටත් ඉන්ධන අර්බුදය බලපායි

446


පවතින ඉන්ධන හිඟය මත නිසි පරිදි සේවයට වාර්තා කිරීමට දන්ත වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට නොහැකි වීම හේතුවෙන් කොළඹ ජාතික දන්ත වෛද්‍යායතනය ඇතුළු දිවයින පුරා පිහිටි සියලු‍ රජයේ දන්ත රෝග සායනවල සිදු කෙරෙන සාමාන්‍ය දන්ත සැත්කම් හා ප්‍රතිකාර මේ වන විට නතර කර ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි .

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පවසනුයේ මේ වන විට රෝහල්වල දන්ත වෛද්‍ය සායනවල සිදු කෙරෙනුයේ හදිසි දන්ත සැත්කම් හා ප්‍රතිකාර සේවාවන් පමණක් බවයි

advertistmentadvertistment
advertistmentadvertistment