දන්නා සිනමාවේ නොදන්නා කතාව – සිනේමා ළඟදීම සිනමාහල්වලට

146

අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චි

දන්නා සිනමාවේ නොදන්නා කතාව ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර පෑමට” වෛද්‍ය කපිල  සූරියආරච්චිගේ දෙවන සිනමා සම්ප්‍රාප්තිය “සිනේමා” සැප්තැම්බර් 02 වන දින සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළුව දිවයින පුරා සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. චිත්‍රපට නිෂ්පාදකවරයකු” තිර රචකයකු හා සම්මානනීය අධ්‍යක්ෂවරයකු තම මුදල් බලයෙන් දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වය හා ඔවුන් සතු බුද්ධිමය දේපළ කොල්ලකෑමේ උගුලට හසුවන” සිනමාව පිළිබඳ බාලේ සිට හදාරා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වෙර දරන බයිස්කෝප්ලෝලී තරුණයකු මුහුණ දෙන සිනමාව පිටුපස සිදු වන සිදුවීම් මාලාවක් ඔස්සේ ගලා යන සොඳුරු විචිත්‍රවත් ආදර කතාවක් ද පදනම් කර ගනිමින් සිනේමා කතා තේමාව ගෙතී ඇත. සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘදසාක්ෂිය පිළිබඳව සිනමාරූපී නවමු අත්දැකීමක් මෙයින් ප්‍රේක්ෂකයාට ලබාගැනීමට හැකිවනු ඇත.

දන්නා සිනමාවේ නොදන්නා කතාව - සිනේමා ළඟදීම සිනමාහල්වලට

 “සිනේමා” රංගන දායකත්වයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු” බිමල් ජයකොඩි” මේඝ සූරියආරච්චි” නයනතාරා වික්‍රමආරච්චි” ඩග්ලස් රණසිංහ” රොබින් ප්‍රනාන්දු” අයිරාංගනී සේරසිංහ” චාන්දනී සෙනෙවිරත්න” දුලීකා මාරපන” විජේරත්න වරකාගොඩ”  කලනි දොඩම්තැන්න” ඉසුරු ලොකුහෙට්ටිආරච්චි” ගාමිණී හෙට්ටිආරච්චි” ජගත්  බෙනරගම ඇතුළු ප්‍රවීණ රංගනශිල්පීන් රැසක් එක්වන අතර” කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප්” ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා” සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රසංග නාපාවල” අංග රචනයෙන් සුසන්ත රාමසිංහ” කලා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ඉන්දික විජේසිරි” නිෂ්පාදන කළමනාකරණයෙන් දමයන්ති ෆොන්සේකා” සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ” පසුබිම් ගායනයෙන් විශාරද අමරසිරි පීරිස්” සේනක බටගොඩ” විශාරද උරේෂා රවිහාරි සමගින් රංජන් සාලිය ඇතුළු පිරිසක් මෙම නිර්මාණය සඳහා කාර්මික දායකත්වය දක්වා ඇත. මෙහි කතාව තිර රචනය” ගීත රචනය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය කපිල සූරියආරච්චි වන අතර “සිනේමා” චම්පික ජයනන්දනගේ නිෂ්පාදන දායකත්වයෙන් අයිඩියල් ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමකි.

දන්නා සිනමාවේ නොදන්නා කතාව - සිනේමා ළඟදීම සිනමාහල්වලට


ඇන්ටන්  ජේ. ප්‍රනාන්දු

දන්නා සිනමාවේ නොදන්නා කතාව - සිනේමා ළඟදීම සිනමාහල්වලට
දන්නා සිනමාවේ නොදන්නා කතාව - සිනේමා ළඟදීම සිනමාහල්වලට
දන්නා සිනමාවේ නොදන්නා කතාව - සිනේමා ළඟදීම සිනමාහල්වලට



 

advertistmentadvertistment
advertistmentadvertistment